තුර්කි ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කිර්ජිස්තානයේ මැනාස් ගුවන්තොටුපල ආසන්නයේදී අනතුරට පත් වී 37ක් මිය ගොස් ඇත.
අනතුරෙන් ගොඩනැගිලි කිහිපයකට හානි වී ඇති බව ද බලධාරීහු පවසති.
බෝයින්-747 වර්ගයේ එම යානය හොංකොං සිට තුර්කිය දක්වා ගමන් කරමින් සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මීදුම සහිත කාලගුණයක් පැවතියද අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව බලධාරීහු කියති.
අනතුර සිදුවූ ස්ථානයට කිර්ජිස්තාන අගමැති සූරොන්බායි ජීන්බෙකොව් මහතා පැමිණ සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.එම යානය වසර 14ක් පමණ පරණ බව ද වාර්තා වෙයි.
මේ වන විට මැනාස් ගුවන්තොටුපල තාවකාලිකව වසා දමා ඇත.
(ඡායාරූප-රොයිටර්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්ය මණ්ඩලයේ 04 සහ ළමයි ද ඇතුළු දුප්පත් අහිංසක ගම්වැසියන් වෙනුවෙන් සොව පළ කරමි. (බ)
කණගාටුදායක පුවතක් (නි)