IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


තුර්කි ප්‍රහාර වලින් දහස් ගණනක් අවතැන්

තුර්කිය සිරියා-තුර්කි දේශසීමා ප්‍රදේශයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් අවතැන් වී ඇති බවත් රඳවාගෙන සිටි අයි.එස්. සාමාජිකයන් සිය ගණනක් පලා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුර්දි පාලනයේ සිටින 100,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි ද කුර්දි පාලනයේ තිබෙන සිරියාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල 191,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

උතුරු දිග සිරියාවේ පිහිටි කඳවුරකින් අයි.එස්. සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් පලා ගොස් ඇතැයි කුර්දි බලධාරීහු අද (13) ප්‍රකාශ කළහ.

තුර්කි හමුදා උතුරු දිග සිරියාවේ කුර්දි හමුදා වෙත ප්‍රහාර එල්ල කරයි.

“තුර්කි හමුදා සහ ඔවුන්ගේ කුලී හේවායෝ අයින් ඉස්සා කඳවුර ආසන්න ප්‍රදේශයට මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කලා. එහි සිටි දහස් ගණනක් දැන් පලා ගිහින්. ඔවුන්ගෙන් වැඩි දෙනා අයි.එස්.

සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයන්” යැයි නිවේදනයක් නිකුත් කරමින් කුර්දි පරිපාලනය සඳහන් කළේය. කඳවුරට ද ප්‍රහාර එල්ල වූ බව තුර්කි බලධාරීහු පැවැසූහ.

තුර්කිය තමන් වෙත එල්ල කරන ප්‍රහාර නිසා අයි.එස්. සටන්කාමීන්ට නැවත නැගී සිටීමට අවස්ථාවක් උදා වනු ඇති බවත් තමන්ට අයි.එස්. සටන්කාමීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රඳවා සිටින කඳවුරුවලට ආරක්ෂාව සැපයීමට නොහැකි බවත් කුර්දි බලධාරීහු පසුගිය දින කිහිපයේදීම අනතුරු ඇඟවූහ.

නිල සංඛ්‍යාදත්තවලට අනුව අයි.එස්. සටන්කාමීන් 12,000කට ආසන්න පිරිසක් කුර්දි සිර කඳවුරුවල රඳවා තබාගෙන ඇති අතර ඒ අතර රටවල් 54කින් පැමිණි පිරිස් ද සිටිති. ඔවුහු අයි.එස්. සංවිධානයට එක්වීමට විදේශවලින් පැමිණි අය වෙති.

අවතැන් කඳවුරුවල දරුවන් 8,000ක් සහ කාන්තාවන් 4,000ක් ඇතුළු විදේශකියන් 12,000කට වැඩි පිරිසක් සිටින බව ද පැවසේ.

ඒ.එෆ්.පී/රොයිටර්ස්
055

 



අදහස් (0)

තුර්කි ප්‍රහාර වලින් දහස් ගණනක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 931 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site