IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තුර්කි ජනාධිපතිවරයාගෙන් යුරෝපා සංගමයට චෝදනාවක්

ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුර්කියට සැලකුවේ සීමාකාරී ස්වරූපයකින් යැයි එරට ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් අද (1) පැවැසීය.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුර්කියට සැලකූ ආකාරය දේශපාලන ස්වරූපයක් ගත්තේ යැයි ද හෙතෙම චෝදනා කළේය.

කෙසේනමුත් තුර්කි ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තරයක් සඳහන් නොකළේය.

ගමන් කිරීමට සහ සිය රටවලට පැමිණීමට අවසර දෙන ලැයිස්තුවක් යුරෝපා සංගමය අඟහරුවාදා ප්‍රසිද්ධියට පත් කළේය. නව කොරෝනා වයිරසය මුල් කරගනිමින් යුරෝපා සංගමය එය සකසා තිබූ අතර වයිරස ආසාදිතයන් වැඩි සහ වැඩි වෙමින් තිබෙන රටවල් මෙන්ම තවත් රටවල් රැසක් ඊට ඇතුළත් කර නොතිබිණි.

තුර්කිය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, රුසියාව, චීනය යන රටවල් ඇතුළු රටවල් රැසක් ඊට ඇතුළත්ව නොතිබිණි.

එම නව ලැයිස්තුවට අනුව අදාළ රටවල් සමඟ යුරෝපා සංගමය බදාදා සිට අත්‍යවශ්‍ය නොවන සංචාරක කටයුතු ආරම්භ කරනු ඇත.

රොයිටර්

055



අදහස් (0)

තුර්කි ජනාධිපතිවරයාගෙන් යුරෝපා සංගමයට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site