තුර්කියේ රෙහාන්ලී නගරයේ ඉකුත් 11 වැනිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් තුර්කි රජය සිරියානු රජයට චෝදනා කළත්, සිරියානු රජය ඊයේ (13) කියා සිටියේ එම ප‍්‍රහාරයට තමාගේ සම්බන්ධයක් නැති බවය.
පුපුරා ගියේ කාර් බෝම්බ දෙකකි. එයින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 140 කි. පළමු බෝම්බය පිපිරී විනාඩි 15 ක් යද්දී දෙවැනි බෝම්බය පුපුරා ගිය ගොස් ඇත.
බෝම්බ ප‍්‍රහාරය සිදුවී පැය කීපයක් ගත වෙද්දී, තුර්කි රජය චෝදනා කරන්න වූයේ එම ප‍්‍රහාරය ත‍්‍රස්තවාදීන්ගේ කි‍්‍රයාවක් නමුත් සිරියානු රජය සහ එරට බුද්ධි අංශය ඒ පසුපස සිටින බවය. එම බෝම්බ පිපිරීම හේතුවෙන් සිරියානු අර්බුදයට තුර්කිය සෘජුව මැදිහත් වීමේ අවදානමක් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමන් මරාගන්නවා....... (නි)