තුර්කියේ ඉස්මිර් නුවර අධිකරණයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් සහ වෙඩි තැබීමකින් සිවිල් වැසියකු, පොලිස් නිළධාරියකු සහ තුවක්කුකරුවන් දෙදෙනකු මියගොස් තවත් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
සිදුවීම පටිගතව ඇති දර්ශන වල මෝටර් රථ දෙකක් පුපුරා යනුත්, තුවක්කුවක් අතින් ගත් පුද්ගලයකුගේ සිරුරක් අසළ වැටී තිබෙනුත් සටහන්ව ඇත.තුර්කි මාධ්‍ය වාර්තා වලට අනුව ප‍්‍රහාරයට හවුල් තුන්වැනි තුවක්කුකරුවකු සොයා තුර්කි පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
පසුගිය සති අන්තයේ තුර්කියේ රාතී‍්‍ර සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමට හවුල්යැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් වැඩි පිරිස ඉස්මිර් නගර වැසියන් වීමද විශේෂයකි.ඔවුන් අයත් වන්නේ චීනයේ ෂින්ජියෑන්ග් ප‍්‍රදේශයෙන් පැමිණ තුර්කියේ පදිංචිව සිටින බව විශ්වාස කෙරෙන උයිග්හුර් නම ජන කොට්ඨාසයටය.
මෙම පුද්ගලයින් හට සමාජ ශාලාවේ වෙඩි තැබීමේ ප‍්‍රධාන සැකකරුවා සමග සබදතා තිබෙන බව තුර්කි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
කෙසේවුවත් සතිඅන්තයේ එල්ල වූ ප‍්‍රහාරය සහ මෙම ප‍්‍රහාරය අතර සම්බන්ධතාවයක් මෙතෙක් හෙළි කරගැනීමට තුර්කි බළධරයින් සමත්ව නොමැත.
COMMENTS
යුද්ධයෙන් මිනිස් ජිවිත කියියක්නම් නැති වෙනවද.? (ර)