තුර්කියේ කෝටිපතියකුගේ අලුත විවාහ වීමට සිටි දියණියක් සමඟින් ගමන්ගත් පුද්ගලික ජෙට් යානයක් මධ්‍යම ඉරානයේදී කඩා වැටී එහි ගමන්ගත් 11 දෙනාම මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාර්තු මස අගදී විවාහවීමට නියමිතව සිට ඇති තුර්කි ජාතික කෝටිපතියකුවූ හුසෙයින් බසාරාන් ගේ දියණිය වන 28 හැවිරිදි මීනා බසාරාන් සහ ඇයගේ මිතුරියන් 7 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු මෙම යානයේ ගමන් කරමින් සිට ඇත.
මෙම ජෙට් යානයද ඇයගේ පියාට අයත්වන අතර විවාහයට පෙර අවිවාහක සාදය සඳහා ඇයගේ හොදම මිතුරියන් 7 දෙනා සමඟින් එක්සත් අරාබි එමිරේටයේ ඩුබායි හෝටලයේ වෙත ගමන්කොට එහිදී සාදය පවත්වා ආපසු තුර්කියේ ඉස්තාන්බුල් දක්වා ගමන් කරමින් සිටියදී බටහිර ඉරානයේ සැග්රෝස් කදුපන්තිය අසල දී මෙම අනතුර සිදුවී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කදු සහිත ප්‍රදේශයට ලගාවෙත්ම දැඩි මීදුම් සහිත කාලගුණයක් තිබු බවත් එසැනින් රේඩාර් තිරයෙන් නොපෙනී ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා අතර තිබේ.
මියගිය 28 හැවිරිදි මීනා බසාරාන්ගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ 60000 අධික පිරිසක් ඇය වෙත නිරන්තරයෙන් අදහස් හුවමාරු කරගන්නා බවත් ඇයගේ විපත සැලවූ සැනින් පැය කිහිපයක් තුල 7000 කට අධික පිරිසක් තම ශෝකය පලකල බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
(255)
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුර්කියේ කෝටිපතියකුට අයත් ජෙට් යානය කඩා වැටීමෙන් 11ක් මරුට