සිරියාවේ උතුරු දිග කුර්දි පාලන ප්‍රදේශ වෙත තුර්කි හමුදා ගුවනින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ල කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.

සිරියා - තුර්කි දේශසීමා ආසන්නයේ ප්‍රබල සටන් ඇවිලෙමින් පවතින අතර දස දහස් ගණන් පිරිස් ප්‍රදේශය හැරයමින් සිටින බව සඳහන් වේ.

තුර්කි ආරක්ෂක අංශ පවසන්නේ සැලසුම් කළ පරිදි ඉලක්ක කිහිපයක් අත්පත් කරගැනීමට හැකිවූ බවයි.

තම භූමි ප්‍රදේශයේ සිටින සිරියානු සරණාගතයින්ට දේශසීමාවේ ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීම සඳහා සටන් මෙහෙයවන බව තුර්කිය පවසයි.

කුර්දි රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය පවසන්නේ එල්ලවූ ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් හත්දෙනකු පමණ මියගොස් 19දෙනකු පමණ තුවාල ලබා ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)