තායිවාන ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග‍්‍රහණය කිරීමට එරට ජනාධිපති මායිංග් ජෝ පෙරේදා (14 සමත් විය.
එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජනාධිපති මායිංග් ජෝගේ ‘ජාතික පක්ෂය’ සියයට 51.6 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත් බවය.
ජනාධිපතිවරණයට තරග කළ මායිංග්ගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ විපක්ෂ නායිකා තෙයි ඉන්ග් වෙන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රගතිශීලි පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 45.6 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි.
පරාජය බාරගත් විපක්ෂ නායිකාව කියා සිටියේ තමා පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වන බවය.
තායිවානය ස්වාධීන රාජ්‍යයක් වුවත් චීනය සලකන්නේ තායිවානය තම රටේ කොටසක් ලෙසය. මේ හේතුව නිසා තායිවාන/චීන අර්බුදයක් ද පවතී. පවතින එම අර්බුදයට මුහුණ දීමට තායිවාන ජනාධිපති මායිංග් ජෝට ශක්තියක් ඇතැයි තායිවාන ජනතාවගේ විශ්වාසයයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
COMMENTS
ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ
ඒකට අපේ රනිල් මහත්තයා ඡන්ද 20ක් පාරාදයි. ඒත් තාම පක්ෂ නායක-විපක්ෂ නායක