රික්ටර් මාපකයේ ඒකක 6.7 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය පෙරේදා (31) සවස කැළැඹිණි.
දකුණු දිග වෙරළාශිත නගරයක් වන හුවාලින් සිට කිලෝ මීටර් 45 ක් දුරින්, කිලෝ මීටර් 9 ක් මුහුදු පතුළේ භූමි කම්පාව හටගත් බව භූ විද්‍යාඥයෝ පවසති. එහි ප‍්‍රබලත්වය තායිපේ අගනුවරට හොඳින් දැනුණු අතර නගරයේ ගොඩනැගිලි රැුසක් දෙදරා ගොස් ඇතැයි ද පැවැසෙයි. කෙසේ නමුත් භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සිදුනොවිණි.