තායිලන්තයේ දකුණු දිග යාලේහි අධිකරණයකදී විනිසුරුවරයකු සියදිවි හානිකර ගැනීම සඳහා වෙඩි තබා ගෙන ඇතැයි වාර්තා වේ.
විනිසුරුවරයා වෙඩි තබා ගැනීමට පෙර තායිලන්තයේ අධිකරණ ක්‍රියාදාමය හා නීති රීති පද්ධතිය පිළිබඳව දැඩිලෙස විවේචනය කරමින් වේගවත් කථාවක් ද පවත්වා ඇත.
අනතුර සිදුකර ගැනීමෙන් පසු විනිසුරුවරයා කඩිනමින් රෝහල් ගතකර ඇත. විනිසුරුවරයා අසාධ්‍ය තත්ත්වයේ සිටි නමුත් මේ වනවිට සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු පවසති.
මෙම සිද්ධියට පෙර විනිසුරුවරයා විසින් මිනීමැරුමකට චෝදනා ලැබූ මුස්ලිම් ජාතිකයින් පස්දෙනකු චෝදනා වලින් නිදොස් කර නිදහස් කර ඇත.
කෙසේ වුවද විනිසුරුවරයාගේ සියදිවි නසාගැනීමට සත්‍ය හේතුව පැහැදිලි නැතැයි පොලිසිය පවසයි.
විනිසුරුවරයා සිදුකළ කථාව ඔහු විසින්ම ෆේස් බුක් ඔස්සේ සජීවීව විකාශනය කර ඇති බවද පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.