IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තායිලන්තයත් ඇස්ට්‍රසෙනිකා එන්නත් කිරීම නවත්වයි

රුධිර කැටි ගැසීම් පිළිබඳව වාර්තා වීම හේතුවෙන් කොරෝනා සඳහා නිර්දේශිත ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාදීම තායිලන්තය විසින් තාවකාලිකව නතර කර තිබේ.

මීට පෙර ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගනනාවක් විසින් මෙම එන්නත ලබාදීම අත්හිටුවනු ලැබීය.

ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාගැනීමෙන් පසු රුධිරය කැටිගැසීමේ සිදුවීම් 30ක් පමණ යුරෝපයේ වාර්තා වී තිබේ.

එසේවුවද යුරෝපීයයන් මිලියන 05කට පමණ ඇස්ට්‍රසෙනිකා එන්නත මේ වනවිට ලබාදී තිබේ.

යුරෝපීය සෞඛ්‍ය කාර්යංශය පවසන්නේ එන්නත මගින් රුධිර කැටි ඇතිකරන බවට කිසිදු සංඥාවක් නොමැති බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එන්නතින් ඇතිවන අවදානමට වඩා එහි ප්‍රතිලාභ ඉහල මට්ටමක පවතින බවයි.

තායිලන්තයේ කොරෝනා රෝගය විශාල වශයෙන් ව්‍යාප්ත වී නොමැති බැවින් වෙනත් එන්නත් කෙරෙහි යොමුවිය හැකි බව තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  
ඇස්ට්‍රසෙනිකා සමාගම පවසන්නේ සායනික අත්හදාබැලීම් අතරතුර ඖෂධයේ ආරක්ෂිත බව සම්බන්දව විශාල ලෙස පරීක්ෂා කළ බවයි.

කෙසේවුවද පෘතුගාලය, ඕස්ට්‍රේලියාව, මෙක්සිකා්ව සහ පිලිපීනය වැනි රටවල් ඇස්ට්‍රසෙනිකා එන්නත්කරණ වැඩසටහන දිගටම කරගෙන යන බව පවසා තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

තායිලන්තයත් ඇස්ට්‍රසෙනිකා එන්නත් කිරීම නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site