දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමිල්නාඩු ආදායම් බදු නිලධාරීහු අද තමිල්නාඩු මහ ලේකම් පී රාමා මොහාන් රාඕට, ඔහුගේ පුතාට, ඥාතීන්ට සහ හිතවතුන්ට අයත් බව කියන නිවාස 13ක් පරීක්ෂා කළහ.
අද අලුයම 5.30ට තමිල්නාඩු මහ ලේකම්ගේ චෙන්නායිහි නිවසින් විමර්ශනය ආරම්භ කළ බවත්, නිලධාරීහු 20 දෙනකු පමණ මෙම විමර්ශනයට එක් වූ බවත් ආදායම් බදු නිලධාරීහු කියති.
මහ ලේකම්වරයා වැලි කැණීම බාර ජේ ෂේකර් රෙඩී සහ තවත් පිරිසක් සමග ඇති සම්බන්ධක් නිසා මෙම පරීක්ෂා කිරීම් සිදු කළ බව ආදායම් බදු නිලධාරීහු කියති.
ආදායම් බදු නිලධාරීන් වැලි කැනීම බාර ජේ ෂේකර් රෙඩීගේ සහ ඔහුගේ සහෝදරයා වන ශ්‍රීනිවාසසාලුගේ චෙන්නයි සහ වෙල්ලෝරයේ නිවාස ද පරීක්ෂා කර තිබේ. රුපියල් කෝටි 136ක අලුත් සහ පරණ මුදල් නෝට්ටුද, රුපියල් කෝටි 177ක් වටිනා රත්තරංද ආදායම් බදු නිලධාරීහු එම ස්ථාන දෙකෙන් සොයා ගත්හ. මධ්‍යම විමර්ශන කාර්යංශය ඔවුන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණයට යටතේ නදු දැමීමට නියමිතය.
COMMENTS
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)