IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩොලරය පහත වැටේ


 
ටෝකියෝහිදීය (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපදය සහ එරට වෙළෙඳ සහකරුවන් අතර ඇති වී තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර වීම නිසා ජපානයේ යෙන් මුදල් ඒකකයකට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය අද (26) පහත වැටිණි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ඇති ආරක්ෂණවාදී පියවර සහ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යුරෝපා සංගමය එම සංගමයේ රටවල් සහ චීනය ඇමෙරිකා නිෂ්පාදන මත තීරුබදු පැනවීමෙන් වෙළෙඳ අර්බුදය උග්‍ර වී තිබේ. 
 
ඇමෙරිකාව එහි ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ වාග් ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළවල අවිනිශ්චිත තත්ත්වයක් හටගෙන තිබේ. 
 
ඇමෙරිකාවේ මේ වනවිට ඔවුන් වෙනත් රටවල් කරන ආයෝජන සීමා කිරීමට ද තීරණය කර තිබේ. 
 
“ඉදිරියේදී අපි වෙනත් රටවල කරන ආයෝජන සීමා කරනවා. එය චීනයට පමණක් නෙමෙයි අපේ තාක්ෂණය සොරා ගන්නා සෑම රටකටම මේ සීමා පැනවෙනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් පැවැසීය. 
 
055



අදහස් (0)

ඩොලරය පහත වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1044 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site