ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, තම ගුවන් සීමාව උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු යැයි පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් අනතුරු ඇගවීය.
ෂරීෆ් මේ බව කියා සිටියේ ඊයේ (14) ලාහෝර් නුවර පිහිටි ඔහුගේ නිවසේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවට විදෙස් මාධ්‍යවේදීහු ද සහභාගී වූහ.
”ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇමෙරිකාව, දේශසීමා හරහා පාකිස්තානයට බලෙන් ඇතුළුවී එල්ල කරන ප‍්‍රහාරවලින් සටන්කාමීන් පමණක් නොව සිවිල් වැසියන් පවා මිය යනවා. එය කිසිසේත් අනුමත කළ නොහැකියි. ඇමෙරිකානුවන්ගේ එම කි‍්‍රයා කලාපය පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කිරීමක්” යැයි ෂරීෆ් මාධ්‍යවේදීන් අමතමින් අවධාරණය කළේය.
පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකයා ද වන ෂරීෆ්, ඉකුත් 11 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ආසන 129 ක් දිනා ගත් බව මැතිවරණ කොමිසම පවසයි. නව රජයක් පිහිටුවීමට ෂරීෆ් මේ වනවිට සූදානම් වෙයි.
”ඇමෙරිකාවේ ඩ්‍රෝන යානා අපේ ස්වෛරීත්වයට බරපතළ තර්ජනයක්. ඇමෙරිකාවේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් දෙරට අතර මනා අවබෝධයක් තිබිය යුතුයි. මා හිතන්නේ නැහැ එවැන්නක් මෙතෙක් තිබුණු බව” යැයි ද ෂරීෆ් වැඩි දුරටත් කියා සිටී.
පාකිස්තාන මහ මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වූයේ හිටපු කි‍්‍රකට් තරුවක් වන ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.
පාකිස්තානයට අයත් දේශසීමාබඳ ප‍්‍රදේශවලට ඇමෙරිකා හමුදා එල්ල කරන ගුවන් ප‍්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන ඉම්රාන් නිතරම ප‍්‍රකාශ කළේ පාකිස්තානය තම ස්වෛරීත්වය ආරක්ෂා කර ගත යුතු බවය.
පාකිස්තානය ඇමෙරිකාව තම මිතුරකු කරගත යුතු නමුත් වහලකු කරගත නොගත යුතු යැයි ද හෙතෙම අවධාරණය කර තිබුණි.
ඇමෙරිකානු ගුවන් ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සිය විරෝධය පළ කර සිටියත්, තලේබාන් සංවිධානය ඔහුට විරෝධය පළ කර ඇත.
ඒ, ඉම්රාන්ගේ සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ දර්ශනය තලේබාන් සංවිධානය අනුමත නොකරන හෙයිනි. එම නිසා ඔහුට තලේබාන්වරුන්ගෙන් මරණ තර්ජන ද එල්ල වී ඇත.
නවාස් ෂරීෆ්, තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් ප්රතිපත්තියක් අනුගමනය කරන බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
තෙවැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා පසුගියදා ෂරීෆ්ට සුබ පැතුවේය. එම අවස්ථාවේදී ඔබාමා කීවේ, ෂරීෆ්ගේ නව රජය සමඟ ඉතා සමීපව මෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බවය.
ඇෆ්ගන් සංග‍්‍රාමයේ දී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය ඉතා අවශ්‍ය වෙයි. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය. ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව මුදල් ලබා දීමක් ද සිදුකරයි.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රමය අවසන් කිරීමට ජනාධිපති ඔබාමා සූදානම් වන අතර ඉන්පසු ඔහු වැඩි අවධානය යොමු කිරීමට බලපොරොත්තු වන්නේ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් මර්දනය කිරීමටය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ප‍්‍රදේශයේ ඇමෙරිකානු හමුදාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින් ද විරෝධයක් එල්ල වී ඇත. ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ ඇමෙරිකාව අමු අමුවේ මිනී මරන බවය.
ලන්ඩන් නුවර පාදක කරගනිමින් පිහිටුවා ඇති ‘ගවේෂණාත්මක මාධ්‍ය සන්සදය’ පවසා ඇත්තේ 2004 වසරේ සිට මේ දක්වා ඇමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාර 360 කින් 3,500 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය. එම පිරිස අතරින් බහුතරය පාකිස්තාන සිවිල් වැසියන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුස්ලිම් විරෝධියෙක් නෙමෙයි.එහෙත් එයාලගේ අදහස් එයාලටම වලකපනවා.ලෝකේ හැම රටකින්ම වගේ ඇවිත් ඇමරිකාවේ ඉන්නවා. නමුත් මුස්ලිම් අය එහෙත් කරන වැඩ හොද මදි. ස්විස්ටර්ලන්තේ පල්ලි හදන්න ඕනෑ ස්විස් ගෘහනිර්මාණ ශිල්පෙට අනුව.ප්‍රංශේ වෙරළට අදින ඇදුම හැමෝටම අනිවාර්යයි. (නි)
නවත්තන්න එපා. දෙන එක දෙන්න ඇදුමේම මළපහ වෙනකන්.මොකෝ ඔය අන්තවාදී පිළිකාව ලෝකෙටම ප්‍රශ්නයක්. (නි)
ලෙඩක් හැදෙන්න ඕනා වෙදා ලගට යන්න. ඒ වගේ යුද්ධයක් තියෙන්න ඕනා රටක මිනිසුන්ට රටක, දේශයක අගය මානුෂික අයිතිවාසිකම් දැනෙන්න.(නදී)
බය වෙන්ඩ එපා බණ්ඩාර. ඔබාමත් ඒ අහවල් කුලයෙන් ආපු එක්කෙනෙක් තමයි. ටිකක් කල් යද්දී දිශාව මාරුවෙයි (නි)
කෝ යූ.එන්.ඕ, බෑන්කී, පිල්ලේ, මේවා ඔක්කොම බොරු. බලවත් ජාතීන් අහිංසක මිනිසුන් මරා ඒවා සාධාරනීකරණය කරන්න යොදො ගන්නා හා එහෙම නේද කියනා විට අත් උත්සන මී හරක් රැලක් පමණයි. එහෙම නැතිනම් අපේ රටට මොකද මේ මානව හිමිකම්.(නදී)
කෝ මානව හිමිකම්, නවනීදිනි පිල්ලේ බුදිද ? (නදී)
චූලා, මම කීදෙය ඔබට තේරී නැති හැඩයි. මානව හිමි කම් ගැන ඔබ දන්නේ කොපමනද කියා ඉතා පැහැදිලියි. තවද ඔබ හැමතැනදීම ලංකාව හා සසදනවා. බලවත් රටවල් මොනවා කලත් ප්‍රශ්නයක් නැහැ. මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව ගෙනෙන බොරු චෝදනාවට ඔබ කැමති බවයි පෙනෙන්නේ. ඔබ ඔය කියනා 71,89 මානව හිමිකම් කොමිසම සිංහලයින් මරද්දී කට ඇරියේ නැහැ. ඔබගේ ගණන අඩු වැඩි නොවී හරියටම 6000 ක් කජු ඇටද? කොස්ඇටද? හරියට ඔයා ගණන් කරලා දුන්නා වගේ මරන්න.(නදී)
චූලා සහ නිමල්ට,මම ජීවත්වන ප්‍රංශයේ. ඔබලා හිතන තරම් මානව හිමිකම්, නීතියෙන් සාධාරණය ඉෂ්ට වෙනවා කියා හිතන්න එපා. මින් වසර තුනකට පෙර ගෙදරින් පිටව යන කෙනා නැවත පැමිණෙන තුරු විශ්වාසයක තිබුනේ නැහැ.එදා තම නෑදෑ හිතවතුන් මැරුණත් කවුරුවත් ජිනිවා ගියේ නැහැ.මේ දැන් තමා හොර තක්කඩියෙක්, කුඩු මුදලාලියෙක් මැරුනත් ජිනිවා යන්නේ. බඩ ගෝස්තරය ගැන පමණක් නොසිතා සත්‍යය, සුභවාදීව හිතන්න. අන්ජාතීන් දිනෙන් දින තම ඉලක්කය සපුරාගනී. එසේ තිබියදී අපි ඇමරිකාව,ජිනීවා,මානව හිමිකම් වැනි දේවල් වලින් තම මනස පුරවා විකල්ව අන්ජාතීන්ටම උපකාරීවන ආකාරයේ ප්‍රකාශණ කරයි.මේ සියලු දේවල් ලංකාව අරාජික කිරීමට කරන ක්‍රියාකාරකම්ය. (නි)
සිල්වා,මානව හිමිකම් වලට පින්සිද්ධ වෙන්න තමා අද මිනිස්සු පොලිසි ගිහින් අඩුවෙන් ගුටි කන්නේ. හමුදාවෙන් අඩුවෙන් ගුටිකන්නේ. ඉස්සර පොලිසියකට ගිය එකෙක් ඉස්පිරිතලෙත් මාසයක්වත් ඉන්න ඕනෑ.තවත් මදි පොලිසියේ සදාචාරේ.මානව හිමිකන් වලින් කචල් දාපු නිසා තමා 71,89 දී 60000 කින් බේරුනේ.නැතිනම් ලක්ෂ 10 පැනලා. (නි)
ඔව් පිල්ලේ බුදි. නිදි නම් පිල්ලේ විතරයි. බුදි කිව්වොත් බහු වචනයක් වෙනවා.(නදී)
දැන් ඔය කියන විදියට ලංකාවේ යුද්දෙන් පස්සේ පමණක් අග මුල නැති ඝාතන 5000 වුණයි කියනවා.දේශපාලන පන්දම නැත්නම් පොලිසියට ගිහින් වැඩක් නැහැ.ඉතින් යන්න වෙන්නේ මානව හිමිකම් එකට. රජරට වකුගඩු ප්‍රශ්නෙට විදුලි බිලට මානව හිමිකම් යන්න හදනවා ඇතැමුන්.මේවා වැරදිද? (නි)
මදැයි දැන්වත් නව පණක් ආවා... (නි)
මානව හිමිකම් හරහා අපට වෙන රටවලින් උදවු ඉල්ලන්න වෙලා තියෙන්නේ අපේ අය අහක බලන නිසයි. නිකන් හිතන්න 89 මැරුන අයට මරණ සහතිකයක්වත් නැහැ. අපේ රටේ කැමති අය ඉන්නවා නම් යන්න අවස්ථාවක් තියනවා.ඒක වරදක්ද? (නි)
සිල්වා, භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ කවුදෝ ජිනිවා ගියා නේද? ඒ ඇයි? ලංකාවේ නීතියේ අති උතුම් නම් එහෙම යාමේ අවශ්‍යතාවේ ඇති වෙන්නේ නැහැනේ. ඒ වගේ ඕනෑම කෙනෙක්ට අසාධාරනයක් වේ නම් එහෙ යාමට තියන මානව අයිතිය වැරදියි කියන්නේ වැරදි කරන අයට කඩේ මලු නොවේ ගෝනි අරන් යන අය. (නි)
ලංකාවේ නීතියෙන් සාධාරණය ඉෂ්ට නොවුණ ඕනෑම කෙනෙකුට මානව හිමිකම් යන්න පුළුවන්.එහෙ යනවට විරුද්ධ අය මෙහෙ නිතිය එහෙනම් ස්ථාපනය කරලා ඉන්න. (නි)
ලෝකේ කොහේ ඉස්ලාම් ත්‍රස්ටයෝ හිටියත් ඇමෙරිකාව ගහනවා .... (නි)
මේ කියන මානව හිමිකම් අය අපට විතරක් කචල් ආන අය නෙමෙයිනේ බලාගෙන යද්දී. (නි)
ඇමරිකාවට ද්‍රෝන ප්‍රහාර නවතන්න කිවුවලු. තලේබාන්ලා සම්බන්ධව ලිහිල් ප්රතිපත්තියක් අනුගමනය කරනවලු. අවසානේ මොකක් වෙයිද එතකොට මහත්තයෝ. හරි නම් තව හිරකරන්න එපැයි. නේද? (නි)