IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු 5 ක් මරුට

ඇමෙරිකා නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඊයේ (24) එල්ල කළ මිසයිල ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් දස දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි හසෝකෙල් නමැති කුඩා නගරයේ තලේබාන් තිප්පොළකටය. හසෝකෙල් නගරය පිහිටා ඇත්තේ වසිරිස්තානයේ ප‍්‍රධාන නගරය වන මිරන්ෂා සිට කිලෝ මීටර් 25 ක් දුරිනි. ඇමෙරිකා ඩ්‍රෝන යානා එම ප‍්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශ තොරතුරු පාදක කරගනිමින්ය. ප‍්‍රහාරය සියයට සියයක්ම සාර්ථක වූ බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තාන ප‍්‍රදේශය තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නකි. හකානි නැමැති ඉස්ලාමීය සටන්කාමීන් සැඟව සිටින්නේ ද මෙම ප‍්‍රදේශයේය. ඇෆ්ගනිස්තානයේත් පාකිස්තානයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සටන්කාමීන්ට හකානි සටන්කාමීන්ගේ සහාය හිමිවේ.



අදහස් (0)

ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් සටන්කාමීහු 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවයි
2024 මැයි මස 30 1444 0

ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි.


ඉන්දු පාකිස්තාන තරගයට IS තර්ජන
2024 මැයි මස 30 2004 2

ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඉන්දු පාකිස්තාන තරගයට අයි.එස්. ත්‍රස්ත තර්ජන එල්ල වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි


ඇමෙරිකන් බැංකුවක පිපිරීමක්
2024 මැයි මස 29 240 0

ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෝ 7 ක් තුවාල ලැබූහ. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ප


ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක්
2024 මැයි මස 29 1996 0

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය.


පාප්තුමා සමාව ඉල්ලයි
2024 මැයි මස 29 236 0

සමලිංගිකයන්ට අපහාස කළේ යැයි ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමා සමාව ඉල්ලා සිටියේය.


පලස්තීනයට සාමය ගේන්න සූදානම්
2024 මැයි මස 29 118 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් පසු, යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය, ඊශ්‍රායල පලපස්තීන අර්බුදයටත්, ගාසා තීරයේ ඊශ්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1041 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2638 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2233 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site