එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී 31 රාත්‍රියේ නව වසර වෙනුවෙන් දැවැන්ත ගිනි කෙළි සංදර්ශනයක් පවත්වන අතර තුර ඒ අසල පිහිටි තරු පහේ හෝටලයක බිහිසුණු ගින්නක් හටගෙන ඇත. ගින්න හටගත් අවස්ථාවේදී හෝටලයේ නැවති සිටි පිරිස් මෙන්ම ගිනිකෙළි සංදර්ශනය නරඹමින් සිටි ජනකාය බියෙන් වැළලී හිස් ලුලු අත දිවයනු දුටු බව සිද්ධිය දුටුවන් පවසා තිබුණි.

ගින්න හටගත් හෝටලය තට්ටු 63කින් යුක්තය. එහි සුඛෝපභෝගී කාමර 200 ක්ද පෞද්ගලික නිවාස 600ක්ද ඇත. ගින්න හටගන්නාවිට හෝටලය ජනයාගෙන් පිරී පැවතුණු අතර බිම් මට්ටමෙහි හටගත් ගින්න ක්ෂණයකින් තට්ටු 40 පමණ වනතෙක් පැතිරීගොස් ඇත. බියටපත් ජනයා ඉවක් බවක් නැතිව එකිනෙකා තෙරපමින් දිවයාම හේතුවෙන් බොහෝදෙනඅකු තුවාල ලබා ඇති බවද වාර්තාවෙයි.

ගින්න නිවාදැමීමට බොහෝ වේලාවක් ගතවුවද එයින් කිසිවකුට අනතුරක් සිදුනොවු බව පොලිසිය කියයි. 

ඩුබායි ගිනිකෙළි සංදර්ශනය සැලසුම් කළ ආකාරයටම පවත්වා ඇත.

DUBHAI-1 DUBHAI-2 DUBHAI-3 DUBHAI-4 DUBHAI-5 DUBHAI-6 DUBHAI-7 DUBHAI-8 DUBHAI-10