වොෂින්ටන්හිදීය (රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහ ඔහුගේ මිතුරන් වන ඉරානයට සහ රුසියාවට අද (5) අනතුරු ඇඟවීය.
කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඉඩ්ලිබ් පළාතට නොසැලකිලිමත් අයුරින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වනු ඇතැයි සඳහන් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස අනතුරු ඇඟවීය.
‘‘අති විශාල මානුෂීය ඛේදවාචකයක් වීමට ඉඩක් තිබෙනවා. රුසියාව සහ ඉරානය එහි කොටස්කරුවන් වුවහොත් ඔවුන් අතිවිශාල මානුෂීය වැරැද්දක් කරනවා. ඒ නිසා සිදුවීමට ඉඩ තබන්න එපා’’ යැයි ට්විටර පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉඩ්ලිබ් පළාතේ බලය නැවත අත්පත් කරගැනීම සඳහා සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප‍්‍රමුඛ රජයේ හමුදා රුසියාවේ සහ ඉරානයේ සහාය ඇතිව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවේ හැටියටනම්, ළඟදීම මුලුලෝකයම ගිනිබත් කරයි වගේ ... !!!
සිරියාවට, ඉරානයට සහ රුසියාව පැත්තකින් තියන්න වියට්නාමය දුන්න නේද අකුලාගෙන යන්න.
ලෝක විනාශය ත ළඟද?
මේවා වෙන්න ඕනේ දේවල් කාටවත් වලක්වගන්න බැහැ. සිරියාව කියන්නේ බලතණ් හාවෙන් පෙලෙන අයට හොඳ බෙහෙතක්. මේ දෙන්නම බයගුල්ලු මේවට කාලයක් යනවා ඒවගේම ඕක වෙනවා