වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ තවත් සාකච්ඡාවක් පවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
තමන් සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුවේ සාර්ථකත්වය හඳුනා ගැනීමට මාධ්‍යයට නොහැකි වී ඇතැයි ද ඔහු චෝදනා කළේය. තමන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවැති හමුවේ සාර්ථකත්වය හඳුනාගැනීමට නොහැකි පිරිස් ජනතාවගේ සතුරන් යැයි ද හෙතෙම කීවේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පසුගිය 16 වැනිදා ෆින්ලන්තයේ හෙල්සින්කිහිදී පැවැත්විණි. එය ඇමෙරිකාවේ බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි.
වසර 2016 පැවැති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට රුසියාවට චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවකදී තමන්ගේ බුද්ධි අංශ නොපිළිගැනීම හා එවැනි අවස්ථාවකදී ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා හමු වී බොහෝ දෙනකුගේ දෝෂදර්ශනයට ලක්විය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති සමඟ තවත් සාකච්ඡාවකට
vidya Thursday, 19 July 2018 08:28 PM
දෙන්නම හොර තක්කඩියෝ. පුටිය මිනීමරුවා. ට්‍රුම්ප් හොරා