වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ තවත් සාකච්ඡාවක් පවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
තමන් සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුවේ සාර්ථකත්වය හඳුනා ගැනීමට මාධ්‍යයට නොහැකි වී ඇතැයි ද ඔහු චෝදනා කළේය. තමන් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවැති හමුවේ සාර්ථකත්වය හඳුනාගැනීමට නොහැකි පිරිස් ජනතාවගේ සතුරන් යැයි ද හෙතෙම කීවේය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පසුගිය 16 වැනිදා ෆින්ලන්තයේ හෙල්සින්කිහිදී පැවැත්විණි. එය ඇමෙරිකාවේ බොහෝ පිරිසකගේ දැඩි විවේචනයට ලක්ව තිබුණි.
වසර 2016 පැවැති ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට රුසියාවට චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවකදී තමන්ගේ බුද්ධි අංශ නොපිළිගැනීම හා එවැනි අවස්ථාවකදී ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයා හමු වී බොහෝ දෙනකුගේ දෝෂදර්ශනයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම හොර තක්කඩියෝ. පුටිය මිනීමරුවා. ට්‍රුම්ප් හොරා