හෙල්සින්කිහිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (16) ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරට පැමිණියේය.
රුසියානු ජනාධිපතිවරයා ෆින්ලන්තයට පැමිණියේ නියමිත වේලාවට අඩ පැයකට පසුය.
නායකයන් දෙදෙනා අතර හමුව අද (16) පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගී වන්නේ ජනාධිපතිවරුන් දෙදෙනා සහ ඔවුන්ගේ පරිවර්තකයන් පමණක් බව වාර්තා වේ.
ෆින්ලන්තයේ ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd