IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ට්‍රම්ප් මැතිවරණ සටන අරඹයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ෆ්ලෝරිඩාවේ ඊයේ (18) පැවැති මැතිවරණ රැලියකින් 2020 ජනාධිපතිවරණ සටන සඳහා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේය.

දැඩි ඝෝෂාකාරී ස්වභාවයක් ගත් මෙම රැළිය ජාතිකවාදී ස්වරූපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් රටට දැඩි තර්ජනයක් ඇති බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම මැතිවරණ රැලියේදී පෙන්වා දුන් අතර කර්මාන්තවල සේවයේ නිරත සාමාන්‍ය ඇමෙරිකානු වැසියන් සටන් වදින බව ද අවධාරණයෙන් කීය.

සිය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් දැඩි ලෙස විවේචනය කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔවුන් රට විනාශ කිරීමට සැරසෙන රැඩිකල් වාමාංශිකයන් පිරිසක් බවත් ඔවුන් වෛරයෙන් පිරී ඇති බවටත් චෝදනා කළේය. ජනාධිපතිවරණයේදී භූ කම්පනයක් සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.

“අපි එක පාරක එය කළා. නැවත වරක් එය කරනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම රැලියේදී පොරොන්දු වූයේය. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ඕර්ලන්ඩෝ හි පැවැති එම මැතිවරණ රැලියට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් 20,000කට වැඩි පිරිසක් සහභාගී වී සිටියේය.

“ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් ධුරයට තේරී පත්වීම සඳහා මම අද මැතිවරණ ප්‍රචාරණ රැලිය නිල වශයෙන් ආරම්භ කරනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.

(ඒ.එෆ්.පී. ඇසුරිනි)

(055)



අදහස් (1)

ට්‍රම්ප් මැතිවරණ සටන අරඹයි

රවින් Wednesday, 19 June 2019 09:50 AM

ලෝක විනාශය අත ළඟ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site