ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ජනපති වී පළමු දිනයේදීම ටීපීපී ගිවිසුමෙන් (අන්තර් පැසිෆික් සහයෝගීතා ගිවිසුම) ඉවත්වන බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තමාගේ දින 100 වැඩපිළිවෙළ විග්‍රහ කරමින් යූ ටියුබ් වෙබ් අඩවියට නිකුත් කළ වීඩියෝවකින් ඔහු එසේ සඳහන් කර ඇත.
‘අපේ අලුත් කණ්ඩායම ඉතා හොඳින් කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස වැඩ කරනවා. එම ගිවිසුම අපේ රටට ආපදාවක්‘ යැයි ද ට්‍රම්ප් කියා ඇත.
නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, මැලේසියාව, කැනඩාව ඇතුළු පැසිෆික් කලාපීය රටවල් කිහිපයක් අතර 2015දී අත්සන් තැබුණු ටීපීපී ගිවිසුම මේ වනතුරු ක්‍රියාත්මක වී නැතැයි ද කියති.
ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට ප්‍රතිචාර දක්වමින් ජපාන අගමැති ෂින්සෝ අබේ කියා ඇත්තේ ඇමරිකාව නොමැතිව ටීපීපී ගිවිසුම තේරුමක් නැතිවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඇත්තන්ට කියන්න අපෙන් බඩු ගන්න කියල (බ)
මට හදිසියේම අපේ රටේ ආණ්ඩුව පත්වුණ ගමන් පම්පෝරි ගැහුව දින 100 මතක්වෙලා හිනා ගියා (නි)