ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම සියයට 4කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.
ලබන වසර සඳහා අයවැය යෝජනා ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් අද (11) ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.
ආරක්ෂාව සඳහා කෙරෙන වියදම් සියයට 4කින් ඉහළ නංවමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා වැඩි කිරීමටත් විදෙස් ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 13කින් අඩු කිරීමටත් නීතියෙන් නියම කර ඇති වියදම් වසර දහයක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.9කින් කපා හැරීමටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නිලධාරියෙක් කීය.
ලබන වසර සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර ඇති සම්පූර්ණ මුදලේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.746 වන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 5ක වර්ධනයක් යැයි ද පැවසේ.
එමෙන්ම 2020 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල සියයට 23කින් ද, සුබසාධන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 22කින් ද , ආහාර මුද්දර (අඩු මුදලට ආහාර ගැනීමට ලබාදෙන වචුචර් පත්) සඳහා වෙන් කෙරෙන මුදල ඩොලර් බිලියන 17කින් අඩු කිරීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පැවසේ.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රම්ප් ආරක්ෂක වියදම් සියයට 4ක් ඉහළ නංවයි