ඩොනල්ඩ් ට්‍රම්ප් සාර්ථක වුවහොත් තමන් ඇතුළු සෑම පුරවැසියෙක්ම සාර්ථක වන බව ඇමෙරිකා ජනපති ආර්යා මිචෙල් ඔබාමා පවසයි.
ජනාධිපති බැරැක් ඔබාමා සහ තමන් නව ජනපතිවරයාට සහයෝගය දක්වන බව ඇය පැවසුවාය.බැරැක් ඔබාමාගේ පාලනයට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් සහයෝගය නොදුන් බවද ඇය කීවාය.
පැවැති ජනාධිපතිවරණය ගැන මුල්ම වරට මාධ්‍යයට අදහස් දක්වමින් ඇය පැවසුයේ මෙවර ජනපතිවරණය ඇමෙරිකා පුරවැසියෙක් ලෙස නැරඹීම අභියෝගයක් වූ බවයි.මෙහීදී ඇය ඔබාමා පාලන සමය ගැනද මතක් කිරීමක් සිදු කළාය.
තම ජයග්‍රහණය තහවුරු කරමින් මැතිවරණ විද්‍යාපීඨ මනාප සටහනේ පෙරමුණ ගැනීමට ට්‍රම්ප් සමත් විය.ඉන් ඔහු ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති බවට තහවුරු වු අතර මෙම මැතිවරණයේ නිල ප්‍රතිළුල ජනවාරි 06 නිකුත් කිරීමට නියමිතය.මේ සමගම නැවත වරක් විරෝධතා ව්‍යාපාර ආරම්භ වී ඇත.
COMMENTS
බමුණු, ඔබ හරි... ඒකම තමයි වෙන්න ඇත්තේ. (නි)
සුබ අනාගතයක් (බ)
කපන්න බැරි අත සිඹිනවා කියන්නේ ඕකනේ (ම)
ජනතාවට යහපතක් වෙනවා නම් එයට සහයෝගය දීම වැදගත් දෙයක් තමා. අගය කළයුතුයි. (නි)
මිචෙල් ඔබාමාගේ බුද්ධියට ගරු කරමි (නි)