මේ වසරේ (2019) දෙසැම්බර් 6 වැනිදා සිට ලබන වසරේ (2020) ජනවාරි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් ඔහු බලයෙන් ඉවත් කළ හැකි යැයි චීන ෆෙංෂුයි විශාරදයෝ අනාවැකි පළ කරති.
චීන නව අවුරුද්ද ලබන සතියට යෙදී තිබෙන අතර චීන රාශී චක්‍රයට අනුව මේ වසර ඌරගේ වර්ෂය යනුවෙන් නම් කර ඇත. ඒ අනුව මේ වසරේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අතීත රහස් එළිදරවු වනු ඇතැයි ද ඔවුහු පවසති.
චීනයේ ෆෙංෂුයි විශ්වාසවලට අනුව එක් එක් අවුරුදු එක් එක් සතුන්ගේ වර්ෂ යනුවෙන් නම් කරයි. සතුන් 12 දෙනකු ඒ සඳහා වෙන් කර තිබෙන අතර සංඛ්‍යා අනුව සහ චන්ද්‍ර මාස ක්‍රමය විවිධ වර්ෂ ඒ සතුන්ගේ වර්ෂ ලෙස නම් කරයි.
මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් උපත ලබා ඇත්තේ ‘බල්ලාගේ වසර’ යනුවෙන් නම් කරන ලද වසරකදීය. එවැනි වසරක උපත ලබන අයට ‘ඌරාගේ වසර’ හිතකර නොවන බවත් බල්ලා වෙනුවෙන් වෙන් කරන ලද වසරකදී උපත ලබන අය අතීතයේ දී කරන ලද වැරැදි සහ ඔවුන්ගේ රහස් ඌරන්ගේ වසරවලදී එළිදරවු වන බවත් චීනයේ ෆෙංෂුයි විශාරදයෝ පෙන්වාදෙති.
චීන අලුත් අවුරුද්ද චන්ද්‍ර මාස ක්‍රමය පදනම් කරගත් එකකි.
චීනයේ ෆෙංෂුයි විශාරදයන්ට අනුව මේ වසර ලෝක නායකයන්ට හිතකර නොවන අතර ලෝක නායකයන් අතර බෙදීම් ඇති විය හැකි බවත් ලෝක දේශපාලනයේ කැළැඹීම් ඇති විය හැකි බවත් ඔවුහු අනාවැකි පළ කරති.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ වසර තුළදී අර්බුද රැසකට මුහුණ දෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් කාලය ගනිමින් සහ පරෙස්සමින් කටයුතු කළ යුතු බවත් චීන ෆෙංෂුයි විශාරදයෝ පවසති.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ට්‍රම්ප්ගේ කාලේ හොඳ නෑ - චීන ෆෙංෂුයි විශාරදයෝ කියති
රවින් Friday, 01 February 2019 05:01 AM
කරන කියන වැඩ වලින්ම පෙනෙනවා උපන් වර්ෂය හා තියන සබැඳියාව .
Perakum Friday, 01 February 2019 07:06 AM
සාමාන්‍ය දැනුම තියන ඕන කෙනෙකුට කියන්න පුළුවන් අනාවැකියක් මේක.