ටියුනීසියාවේ අන්තර්වාර රජයට එරෙහිව යළිත් වරක් ඊයේ (7) දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ආරම්භ වූ අතර එම විරෝධතා රැලි සංවිධානය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

විරෝධතා රැලි පැවැත්වුණේ ටියුනිස් අගනුවරදීය. ඊට දහසකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. ටියුනීසියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ මීට සති කිහිපයකට පෙර විපක්ෂ නායක මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතනය වීමත් සමඟය.

බ‍්‍රහ්මි ඝාතනයත් සමඟ රජයට එරෙහිව ජනතා විරෝධතා  උත්සන්න විය. එම විරෝධතා උත්සන්න වෙද්දී ටියුනීසියානු අගමැති අලී ලරායේද් නිවේදනය කළේ ලබන දෙසැම්බරයේ දී මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් කටයුතු කරන බවය.