ටියුනිස්හිදීය (ඒ.එෆ්.පී)
සති දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින විරෝධතා අතරවාරයේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු 930කට ආසන්න පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ටියුනීසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් ගන්නා ලද සීමාකාරී ක්‍රියාමාර්ග, බදු පැනවීම්, බඩු මිල ඉහළ යෑම, විරැකියාව ඉහළ යෑම සහ රටේ පවතින දූෂණයට විරෝධය පළ කරමින් ටියුනීසියා වැසියෝ විරෝධතා ආරම්භ කළහ.
විරෝධතා ආරම්භයේ සිට මේ දක්වා කාලයේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම, සොරකම් කිරීම සහ රාජ්‍ය දේපළවලට අලාභ හානි කිරීම යන චෝදනා යටතේ 937 දෙනකු අත්අඩංගුවට පත්ව ඇතැයි ටියුනීසියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්ලිෆා චිබානි සඳුඳා (15) ප්‍රකාශ කළේය.
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.