IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජුලියන් අසාන්ජ්ට විවාහ වෙන්න අවසර

ලන්ඩන් නුවර අධිආරක්ෂිත 'බෙල්මාෂ්' බන්ධනාගාරයේ රඳවා සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ට විවාහ වීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, ඔහුගේ පෙම්වතිය කළ අවසර ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වමිනි.

බ්‍රිතාන්‍ය බන්ධනාගාර අධිකාරිය ජුලියන් අසාන්ජ් ට විවාහ වීමට අවසර ලබා දීමට එකඟ වී ඇත්තේ, අසාන්ජ්ගේ පෙම්වතිය ස්ටෙලා මොරිස් දිගින් දිගටම අධිකරණයෙන් කළ ඉල්ලමක් සැලකිල්ලට ගනිමිනි. ස්ටෙලා මොරිස් යනු අසාන්ජ්ගේ නීතීඥ කණ්ඩායමේ සහායිකාවක ලෙස කටයුතු කළ තැනැත්තියකි. අසාන්ජ් සහ ස්ටෙලාට දරුවෝ දෙදෙනෙක් ද වෙති.

ජුලියන් අසාන්ජ් යනු ඇමෙරිකාවේ උදහසට ලක්වුණු චරිතයකි. මොහු ඕස්ට්‍රේලියානුවෙකි. අසාන්ජ් ඇමෙරිකාවේ උදහසට ලක් වූයේ ඔහු ඔහුගේ 'විකිලීක්ස්' වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකා රජයේත් එරට හමුදාවේත් රහස් රැසක් ලොවට අනාවරණය කළ බැවිනි.

ඇමෙරිකානු ආරක්ෂක අංශ අසාන්ජ් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති නානාපති කාර්යාලයට ගොස් එහි ආරක්ෂාව පැතුවේ 2015 වසරේදීය. එම අවස්ථාවේදී, අසාජ්ට එරෙහිව ලිංගික අපහරණ චෝදනා එල්ල වී තිබුණි.

2019 වසරේ දී ඉක්වදෝර් තානාපති කාර්යාලය අසාන්ජ් ට ලබා ආරක්ෂාව ලබා දීම නතර කළ අතර, ඔහු බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් විය. අසාන්ජ්  'බෙල්මාෂ්' බන්ධනාගාරයේ රඳවා තැබීම සිදුවූයේ ඉන්පසුවය.

ඇමෙරිකාව උත්සාහ ගන්නේ, අසාන්ජ් ඇමෙරිකාවට ගෙන්වා ගනිමින් ඔහුට විරුද්ධව නඩු විභාගයක් පැවැත්වීමටය. අසාන්ජ් තමන්ට බාර දෙන්නැයි ඇමෙරිකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතය.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

ජුලියන් අසාන්ජ්ට විවාහ වෙන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site