ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් සතුන් වත්තේ දී ජිරාෆයකු පැටවකු බිහිකරන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී ඇත. සත්වෝද්‍යානයේ පාලකයන් පවසන්නේ ගැබ්බරව සිටි ජිරාෆයා පැටවුන් බිහිකරන විශේෂ කුටියකට ඇතුළුකැර දිනකදී මේ පැටවා බිහිකැර ඇති බවයි. උපතලබා ඇත්තේ ගැහැණු පැටවකු බව ඔවුහු කියති. පැටවා බිහිවන මොහොතේ ජිරාෆයා කුටියේ ඇති කවුළුවකින් එලියට හිස දමාගෙන සිටින ආකාරයත් පැටවා උපත ලැබීමනේ පසු නැගිටීමට සහයවන ආකාරයත් වීඩියෝ දර්ශනවල පැහැදලිව දක්නට ලැබෙයි. මේ ජිරාෆ් පැටවා මාසයක් ඇතුලත ඕස්ට්‍රේලියාවේ සත්ත්වෝද්‍යානයක උපත ලැබූ දෙවැනි ජිරාෆ් පැටවාය.






COMMENTS
මවු සෙනෙහස කාටත් පොදුයි. (නදී)
සිවුපා ගණයට අයත් සත්ව වර්ගයා 100% ක්ම ක්ෂීරපායීය. පැටියෙක් බිහිකළ පසු ලෙවකෑමෙන් කරනුයේ ඔහු නෑවීමය.එයින් ඔහුගේ ශක්තිය වැඩිවී, සුළු වෙලාවකින් ඇවිදීමට පටන් ගනී.චාරිත්‍රයක් අනුව කිරි ගොවියා කිරි ඇති වැල්පොටක් පැටවාගේ ගෙලෙහි පළඳවයි. (නි)
එහෙ පැටවූ හොරෙන් විකුණන්නේ නැතුව ඇති. (නි)
මනුස්ස මවක් දරුවෙකු බිහිකිරීම කොයි තරම් නම් ලොකු සිදු වීමක්ද, එත් සත්වයින්ට එය ඉතා සුළුයි. දොස්තරවරුන්, සත්තුසේවිකාවන් ආදී කි නොකී අය අහලකවත් ඉන්නවද. ස්වභාව ධර්මය (දිල්)