IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජර්මන් හෙද නිලධාරියා 99ක් මරලා?

ජර්මනියේ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වූ ජර්මන් හෙද නිලධාරියකුට හදවත් රෝගී ඖෂධ එන්නත් කිරීම මගින් තවත් රෝගීන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළැයි   විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නීල්ස් එච් (39) නම් හෙද නිලධාරියාගෙන්   සේවය ලබාගත් පසු ජිවිතක්ෂයට පත්වූ බව කියන රෝගීන් 99 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.

එමෙන්ම එම මළ සිරුරු වලින්  27ක හෘද රෝග එන්නත අන්තර්ගත වී ඇති බව හෙළි වී ඇති අතර,  ඔහු රෝගීන් 30 දෙනෙකු දක්වා ඝාතනය කළ බව අධිකරණයේ දී කියා තිබේ.

උතුරු ජර්මනියේ ඔල්ඩන්බර්ග් දිස්ත්‍රික්කයේ අධිකරණයක ඔහුගේ නඩු විභාගය සිදු වෙයි. ඔහු රෝගීන් සුව කිරීම මගින් ප්‍රසිද්ධිය දිනා ගැනීමට ඇති ආශාවෙන් ඖෂධ නිසි පරිමාවට වඩා ලබා දී ඇති බව සදහන් කර තිබේ.

මෙම ඝාතන 2003 සිට 2005 දක්වා සිදුවූ බවද සදහන් වේ.

ඔල්ඩන්බර්ග්හිදී හා ඔහු සේවය කළ වෙනත් සායන වලද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. අවම වශයෙන් මල සිරුරු 200ක් පමණ පරික්ෂා කිරීමට නියමිත බව පොලිසිය පවසයි. ඔහු විසින් සිදු කළ ඝාතන සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවත් ඒ සියලුම මරණ වලට මොහු වරදකරු වුවහොත් යුද්ධයෙන් පසු වැඩිම ඝාතන සංඛ්‍යාවක් සිදු කළ පුද්ගලයා බවට පත්වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු කාර්ය මණ්ඩලය සමග සුහදව කටයුතු කළ හෙද නිලධාරියකු බව වෛද්‍යවරයකු ප්‍රකාශ කර තිබේ.



අදහස් (0)

ජර්මන් හෙද නිලධාරියා 99ක් මරලා?

උපාලි Sunday, 26 June 2016 02:07 AM

ලෝකය පුරාම, තමන්ට දී තිබෙන්නේ වැරදි බෙහෙතක් බව නොදැනම සද්භාවයෙන්ම ඒ බෙහෙත් බීලා මැරෙන සංඛ්‍යාව බොහොම විශාලයි කියලා මම දැක්කා අන්තර්ජාලයේ තියෙනවා. (නි)

:       0       0

අතුල Friday, 24 June 2016 05:50 AM

මොන හිතකින්ද මෙහෙම අපරාධ කරන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:55 AM

මොහු මානසික රෝගියෙක් වගෙයි (නි)

:       0       0

සරත් Sunday, 26 June 2016 01:58 PM

ලංකාවෙනම් වර්ජන නිසාත් ලෙඩ්ඩු මැරෙනවානේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site