IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජර්මන් ආරක්ෂක කටයුතු අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්

ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතුවල සිදූ වූ ආරක්ෂක බිඳ වැටීමක් සම්බන්ධයෙන් රජය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජර්මන් රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
 
සුප්‍රකට රුසියානු ‘හැකර්’ කණ්ඩායමක් වන ‘ෆැන්සි බෙයාර්’ හෙවත් ‘ඒ.පී.ටී 28’ නැමැති කණ්ඩායම ජර්මන් ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි එරට මාධ්‍ය ද අද (01) වාර්තා කළේය. 
 
රුසියානු රජයේ සහාය ලබන බව පැවසෙන මෙම සයිබර් අපරාධ කල්ලිය 2016 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය ඇතුළුව බටහිර රටවලට අවස්ථා කිහිපයකදීම සයිබර් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්ත වේ. පසුගිය මාස තුනක කාලයේදී ජර්මනියට මෙම සයිබර් අපරාධ කල්ලිය සයිබර් ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇතැයි ද අනාවරණය වී තිබේ. 
 
මේ සම්බන්ධයෙන් මුලින්ම කරුණු අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. 
 
වයිරසයක් යොදා ගනිමින් සයිබර් කල්ලිය ජර්මන රජයේ අභ්‍යන්තර සන්නිවේදන පද්ධතියට ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. 

“තොරතුරු ආරක්ෂාව සහ බුද්ධි සේවා සඳහා වූ ෆෙඩරල් කාර්යාලය රජයේ තොරතුරු තාක්ෂණ පද්ධති සහ ජාලවලට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශයන ආරම්භ කර ඇති බව අපට තහවුරු කරන්න පුළුවන්” යැයි ජර්මන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසීය. 

 
055

 



අදහස් (0)

ජර්මන් ආරක්ෂක කටයුතු අමාත්‍යාංශයට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site