IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජර්මනියේ මහ මැතිවරණය ඇරැඹේ

බර්ලින්හිදීය (රොයිටර්)
 
ජර්මානු මහ මැතිවරණය අද (24) ආරම්භ විය. මෙම මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ඇන්ගෙලා මර්කෙල් සිව්වැනි වරටත් ජර්මනියේ චාන්සලර්වරිය වන්නේ ද යන්න තීරණය වේ. 
 
ඇන්ගෙලා මර්කෙල්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වී ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාර්ටින් ෂූල්ස්ය. මාර්ටින් ෂූල්ස් යුරෝපා පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයකු ද වේ. කෙසේ නමුත් චාන්සලර් ධුරයේ වසර 12ක අත්දැකීම් ඇති ඇන්ගෙලා මර්කෙල් සිව්වැනි වරටත් ජර්මනියේ චාන්සලර්වරිය වනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. යථාර්ථවාදී ලෙස බැලූවිට යුරෝපා සංගමයේ වැඩි බලයක් ඇත්තේ ඇන්ගෙලා මර්කෙල්ට යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති. 
 
ජර්මානු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන්නේ ඇන්ගෙලා මර්කෙල් නියෝජනය කරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටයි. ජර්මනියේ 19 වැනි පාර්ලිමේන්තුව තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන මෙම මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට නම් ආසන 630කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 300කට වැඩි ප්‍රමාණයක් දිනාගත යුතුය. 
.
ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව තිබෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. මෙම මහ මැතිවරණයේදී ජර්මනියේ දක්ෂිණාංශික පක්ෂයක් වන ‘ජර්මනියට විකල්පයක් (ඒ.එෆ්.ඩී)’ පක්ෂය ද ඉතිහාසයේ පළමු වරට එරට පාර්ලිමේන්තුවේ ආසන දිනාගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. .
 
ජර්මානු වේලාවෙන් උදෑසන 8ට ආරම්භ වූ ඡන්ද විමසීම සවස 6ට අවසන් වීමට නියමිතය. මෙම මහ මැතිවරණය ජර්මානු ඉතිහාසයේ ඉතා වැදගත් මහ මැතිවරණයක් බවට පත්ව තිබේ. මැතිවරණයේ ප්‍රතිඵල අනුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පළමු වරට පක්ෂ හයක් ජර්මනියේ ජාතික පාර්ලිමේන්තුව වන ‘බුන්ඩෙස්ටැග්’ නියෝජනය කරනු ඇතැයි පැවසේ. එසේ වුවහොත් වත්මන් සන්ධාන ආණ්ඩුවේ සංයුතිය ද වෙනස් වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. මෙවර ඡන්දයේදී මිලියන 61.5ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇතැයි ද එරට වාර්තා සඳහන් කරයි. 
 
055



අදහස් (0)

ජර්මනියේ මහ මැතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site