ජෝර්ජියාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට විරුද්ධව තිබිලිසි අගනුවරට එක්වූ දහස් ගණන් පිරිස් විරෝධතාවයේ යෙදෙන බව වාර්තා වේ.
මැතිවරණයෙන් පරාජය වූ ග්‍රිගොල් වැෂඩ්සේ පවසන්නේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධව අධිකරණයට යෑමට සූදානම් බවයි.
මෙම මැතිවරණය සාපරාධී නාටකයක් බව ඔහු වැඩිදුරටත් පවසයි. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඔහුගේ ප්‍රතිවාදියා වූ සැලොම් සුරබිෂිවිලිට සියයට 59ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති අතර ග්‍රිගොල්ට ලබාගත හැකිවූයේ සියයට 40 ක ප්‍රතිශතයකි.
ග්‍රිගොල් සිය ආධාරකරුවන් අමතමින් පවසා ඇත්තේ මෙය විසඳා ගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයක් ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.