මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත.
කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු කාශ්මීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් සහගත තත්ත්වයක් උද්ගත වී ඇතැයි පැවසේ.
එම තත්ත්වය මධ්‍යයේ ඊයේ (25) පාකිස්තාන සන්නද්ධ කණ්ඩායමක් සහ ඉන්දීය ආරක්ෂක අංශ අතර කාශ්මීරයේදී ඇති වූ ගැටුමකින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන්දියාව ආරක්ෂව තර කිරීමත් බෙදුම්වාදීන් 160කට වැඩි පිරිසක් පොලිස් භාරයේ රඳවාගෙන ඇතැයි ද වාර්තා වේ.
පුල්වාමා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය අතර ඇති වූ එම ගැටුමෙන් සටන්කාමීන් තිදෙනකු, ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, ඉන්දීය හමුදා නිලධාරියකු ඇතුළු පස්දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය හමුදා හා පොලිස් වාර්තාවලින් කියැවිණි.
දකුණු කාශ්මීරයේ කුල්ගම් දිස්ත්‍රික්කයේ තුරිගම් ගම්මානයේදී වෙඩි තැබීම සිදුව තිබෙන අතර ගැටුමෙන් තවත් හමුදා සොල්දාදුවන් තිදෙනෙක් තුවාල ලැබූහ. මියගිය සටන්කාමීන්ගෙන් දෙදෙනකු ඉන්දීය ජාතිකයන් බවත් අනෙක් සටන්කාමියා විදේශිකයකු බවත් ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
පෙබරවාරි 14 වැනිදා ඉන්දීය හමුදා රථ පෙළට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දීය හමුදා එල්ල කරන ලද ප්‍රහාරවලින් ජායිෂ් ඊ මොහොම්මද් සටන්කාමීන් අටදෙනකු මියගිය අතර සටන්කාමීන්, ඔවුන්ට සහාය දක්වන්නන්, ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇතුළු 50කට ආසන්න පිරිසක් පොලිසිය විසින් රඳවාගනු ලැබ ඇතැයි පැවසේ. මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බැවින් අවදානම් සහගත තත්ත්වය අඩු කිරීමට පියවර ගත යුතු බවත් ආරක්ෂාව වැඩි කරගනිමින් එල්ල විය හැකි ප්‍රහාර වැළැක්වීම සඳහා එසේ කළ යුතු බවත් ඉන්දියාව ප්‍රකාශ කරයි.
රොයිටර් ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජම්මු - කාශ්මීර ප්‍රාන්තයට දැඩි ආරක්ෂාවක්