ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ කිෂ්ත්වර් දිස්ත්රික්කයේදී ප්රපාතයකට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 32නෙකු මිය ගොස් 18දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අද උදෑසන 7.50ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ප්රමාණයට වඩා මගීන් නංවාගැනීම හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.
අනතුරින් බරපතල තුවාල ලැබූවන් රෝහල් වෙත කඩිනමින් යොමුකිරීම සඳහා හෙලිකොප්ටර් යානා ලබාගැනීමට පියවර ගෙන ඇතැයිද ඔවුහු පවසති.
මේ වනවිට කිෂ්වර් දිස්ත්රික්කයේ ප්රධාන රෝහල වෙත තුවාලකරුවන් යොමුකර ඇත.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)
16844


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.