
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ සමීපතමයකු වන යොෂිහිඩේ සුගා එරට පාලක පක්ෂයේ නායකත්වයට පත්ව ඇත.
පක්ෂ නායකයා තෝරාගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් විශිෂ්ට ජයක් ලබමින් සුගා එලෙස ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට පත්වූ අතර ඒ අනුව හෙතෙම මේ සතියේදී ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි පැවසේ.
යොෂිහිඩේ සුගා ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා වන අතර මේ වනවිට 71 වැනි වියේ පසුවෙයි. පක්ෂ නායකයා තෝරාගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන්, ඡන්ද 534න් ඡන්ද 377ක් දිනාගැනීමට දිනාගැනීමට සුගා සමත් විය. තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයා ලෙස අනුගමනය කළ ආර්ථික හා විදෙස් ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද සුගා පවසා ඇත.
ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ය. එබැවින් ජපාන පාර්ලිමේන්තුවේ දී අනිද්දා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් සුගා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි පැවසේ. පක්ෂ නායකත්වයට පත්වීමත් සමඟ සුගා, අබේ ගේ ධුර කාලය ද සම්පූර්ණ වන අයුරින් සැප්තැම්බර් 21 වැනිදා දක්වා පක්ෂ නායකත්වය දරනු ඇත.
පක්ෂ නායකත්වයට පත්වීමෙන් අනතුරුව, සුගා හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ට සුබ පැතුම් ද එක් කළේය. ෂින්සෝ අබේ යනු ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා ය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් හෙතෙම පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. හෙතෙම අවුරුදු අටකට ආසන්න කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපාන පාලක පක්ෂ නායකත්වයට සුගා