ජපානයේ නිරිත දිග ක්යූෂු දිවයිනේ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් දෙදෙනකු මියගොස් ඇති අතර 20දෙනකු පමණ අතුරුදන් වි ඇත. ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් දහස් ගණනක් අවතැන් වී ඇති බවත් ගොඩනැගිලි හා මහාමාර්ග බෙහොමයක් විනාශ වී ඇති බවත්  බලධාරීහු පවසති.

සහන සේවකයන් හා මුදවාගැනීමේ කණ්ඩායම් විසින් 250ක පමණ පිරිසක් බේරාගෙන ඇත.

පසුගිය දින කිහිපයේ මෙම ප්‍රදේශයේ ඇතිවූ අධික වර්ෂාපතනය ගංවතුර ඇතිවීමට හේතු වී ඇති අතර කාලගුණ විද්‍යා අංශ පවසන්නේ පැය 12ක කාලයක් තුල සෙන්ටිමීටර් 50ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවයි. කඳුකර ප්‍රදේශ වල නායයෑම් ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා ඇති හෙයින් 400000ක පමණ පිරිසක් ඉවත් කළ බව ජපාන රජය පවසයි.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)