ජපානයේ ඊසාන දිග වෙරළසීමාවේ ඊයේ(14) හටගත් රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.8ක් සටහන් කළ භූමිකම්පාවෙන් දෙදරායෑමෙන් අනතුරුව කුඩා සුනාමි රළ පහරක් ජපාන වෙරළට ඇදී ආ බව එරට භූ විද්‍යාඥයෝ පවසති. භූ කම්පනයෙන් අනතුරුව සෙන්ටිමීටර 20ක් පමණ උසකින් යුතු රළ පහරක් පැමිණි බව වාර්තා වේ. හොකයිඩෝ දූපතට කිලෝමීටර් 210ක් උතුරින් පිහිටි ස්ථානයක භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.භූ කම්පනය හට ගැනීමෙන් අනතුරුව සුනාමි අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර වෙරළාශි‍්‍රත ජනයා ප‍්‍රදේශවලින් ඉවත් වී ඇති බව විදෙස්වාර්තා සඳහන් කරයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.