ජපාන රජය රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය වෙනස් කළේයැයි විරෝධය පළ කළ ජපාන වැසියෙක් ටෝකියෝ නගරයේ ෂින්ජුකු දුම්රිය ස්ථානයේ වහලය මතට නැගී ගිණි තබාගත්තේය.
ගිණි තබා ගැනීමට පෙර හෙතෙම මෙගා ෆෝනයකින් ජනතාව ඇමතීය.ජපාන රජය ප්‍රතිපත්තීන් වෙනස් කරමින් සිටින්නේයැයි ඔහු චෝදනා කළේය.
ඔහු සම්පූර්ණ කාර්යාල ඇඳුමින් සැරසී සිටියේය.
ජනතාව අමතා අවසාන වූ පසු ඔහු පසෙක තිබූ පෙට්‍රල් යැයි සැක කෙරෙන ද්‍රවයක් ඇග මතට හළා ගෙන ගිණි තබා ගත්තේය.
ඒ වන විටත් එහි පැමිණ සිටි ගිනි නිවීම් භටයෝ ඔහු කරා ළගා වී ඔහුව පහළට ගෙන වතුර ගසා ගින්න නිවා දැමූහ.
බරපතළ තත්ත්වයේ සිටි ඔහු රෝහල් ගත කැරිණ.
කලාපයේ ආරක්ෂක කටයුතු වලට වඩා සක්‍රීයව හවුල්වීමේ අරමුණ ඇතිව ජපාන රජය සිය ආරක්ෂක ප්‍රතිපත්තිය වෙනස් කළේ මෑතකදීය.එයට හේතුව ලෙස ජපාන රජය දැක්වූයේ චීනයේ නැගී එන යුධ ශක්තියයි.
ප්‍රතිපත්තිය වෙනස් කිරීමට පෙර ගතවූ කාලයේ ජපානය කිසිදු ආකාරයේ යුධමය ක්‍රියාවකට හවුල් නොවූ අතර එක්සත් ජාතීන්ගේ මෙහෙයවීම යටතේ කලාපයේ සිදුකෙරෙන ආරක්ෂක අභ්‍යාසයන්ටද සහභාගී වීමෙන් වැළැකී සිටියේය.
නමුත් දැන් ජපානයටද සක්‍රිය ලෙස කලාපයේ ආරක්ෂක කටයුතු හා සම්බන්ධ වීමට හැක.
රජයේ තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධය පළව තිඛෙන අතර ජපාන විපක්ෂය ජපාන අගමැතිවරයාගේ නිල නිවස ඉදිරියේ විරෝධතාවක්ද පැවැත්වීය.
සියදිවි නසාගැනීම් ජපානයේ බහුලව සිදුවුණු යුගයක් තිබුණු අතර වර්තමානයේ එවන් තත්ත්වයක් නොමැත. සියදිවි නසාගැනීමටම වෙන්වුනු ‘හරා කිරි‘ ජපානයටම අනන්‍ය ක්‍රම තිඛෙන අතර එදවස එවන් ක්‍රම භාවිතයෙන් සිය දිවි නසාගත්තෝ බොහෝ දෙනා එසේ කළේ තම ගෞරවය වෙනුවෙන්ය.
මෙම සිදුවීමෙන් පසු තවත් මෙවැනි සිදුවීම් වාර්තා වෙයිදෝහෝයි විචාරකයෝ බිය පළ කරති.
COMMENTS
ජපානයේ නිෂ්පාදන වියදම අධික නිසා ආයෝජන කලාප චීනයේ ආරම්භ කලේ අඩු මිලකට ශ්‍රමය ලබා ගත හැකි නිසයි. රටේ කර්මාන්තයට අවශ්‍ය චීන ශ්‍රමිකයින්ට වසර 2 විසා පවා දුන්නා. ජපන් වෙළඳ පොලේ 75% ක් පමණ චීන නිෂ්පාදන මිල අඩු නිසා චීනය සමග තිබු හොඳ හිත පලුදු උනේ දුපත් දෙකක හිමි කම් ප්‍රශ්නයයි. දෙවෙනි ලෝක යුද්ධයේ ගිවිසුම් මත රජයක් හැටියට යුධමය ශක්තීන් කෙරෙහි උනන්දුවක් නොදැක්වීම සාධාරණයි. එහෙත් රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ගන්නා උත්සාහය දුර්වලයි. රටේ වැඩපළවල්, කොම්පැනි බොහොමයක්ම වැසී ගියා. කොටස් වෙළඳ පල කඩා වැටුනා. කලකට පෙර, බංකොලොත්වූ කොම්පැනි අයිතිකරුවන් 3 දෙනෙක් එකට කතා වෙලා එකම හෝටලේ කාමර තුනක බඩ කපාගෙන සිය දිවි නසාගෙන ආත්ම ගරුත්වය පිණිස අවසන් කැමැත්ත ලියා තිබුනේ තමන් සතුව ඇති සකල දේපල විකුණා සේවකයින් වෙනුවෙන් ගෙවීමට ඇති සියලුම දීමනා ගෙවන ලෙසයි. අද රැකියා විරහිත භාවය ,ජීවන වියදම,ආර්ථික උද්ධමනය ඉහල ගිහින්.නොසිතු ලෙස. (නදී)
"හරාකිරි" සැදී ඇත්තේ ජපන් බසින් "හරා" යනු බඩ "කිරි" යනු කපාගැනුම යන වචන දෙක එකතු කිරීමෙනි . මෙය කරනුයේ සෙනග සිටියදීය. කඩුවක් ගෙන බඩ කපාගනීමෙන් පසුව වේදනාවෙන් මියයාමට නොදී වෙනත් අයකු විසින් කඩුවකින් හිස කපා දමනු ලැබේ. (නදී)