මහ බ්‍රිතාන්‍යයේ හවුන්ස්ලෝ ජන හඬ පදනමේ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් නුවර නගරාධිපති ලෙසට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා වන සදික් ඛාන් මුණගැසී ඇත. මෙම හමුව සම්බන්ධිකරණය කර ඇත්තේ කම්කරු පක්ෂයේ හවුන්ස්ලෝ සහ ෆෙල්තම් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සීමා මල්හෝත්‍රා විසිනි.
මෙම හමුවේදී ජනහඬ පදනම විසින් ලන්ඩන් නුවර දැවැන්ත ගැටඑවක්ව පවතින නිවාස ප්‍රශ්නය විසඳීම උදෙසා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත. ලන්ඩන් නුවර නඟරාධිපති තනතුරට පත්වීම හේතුවෙන් යුරෝපයේ බලවත් දේශපාලඥය බවට පත්වූ සදික් ඛාන් බ්‍රිතාන්‍ය අගමැති සහ කොන්සර්වේටිව් පක්ෂ අපේෂක සක් ගෝල්ඩ්ස්මිත් මැතිවරණය කාලයේදී ක්‍රියාකළ අන්දම දැඩිසේ විවේචනය කළේය. ලෝකයේ සියලුම ජනකොටස් ජිවත්වන ලන්ඩන් නුවර දැනට පවත්නා ජාතික එකමුතුව සහ සංහිඳියාව පළුදු වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්ද ඔහු විවේචනාත්මකව අදහස් පළ කළේය.
ලන්ඩන් නව නගරාධිපති හමුවී සාකච්ඡා කළ ජනහඬ පදනමේ කණ්ඩායමට එහි සභාපති ශ්‍රී ලාල් ඩයස්, ලේකම් සුගත් සෙනෙවිරත්න, ගාමිණී නිස්සංක සහ මාධ්‍යවේදී සුගත් සෙනෙවිරත්න ඇතුළත් වූහ.


COMMENTS
හොඳ වැඩක්.ගොඩක් සතුටුයි.(හේ)
බලමුකෝ අපිට කොරයිද කියලා. මේ හැමෝම ඡන්දෙ ගන්නකම් විතරයි. පස්සේ කොටින්ට කඩේ යනවා. පසුගිය කාලයටම මේ කිසිම කෙනෙක් අපේ පැත්තට එක වචනයක් කතා කලේ නැහැ. අපේ අයත් ෆොටෝ වලට මූණ දාගෙන ජනප්‍රිය වෙන්න පුදුම විදිහට දඟලනවා. හෙට අනිද්දා වෙනකොට ලන්ඩන් සිංහල පත්තර වල මේ පින්තුර දාගෙන ලොකු වැඩක් කළා වගේ ඉඳියි. ආසාවනේ. දුකත් හිතෙනවා දැක්කහම (අ)
ක්‍රිකට් සැණකෙළිය කියලා දෙයක් ලන්ඩනයේ කරනවා. මුළු අවුරුද්ද පුරාම එකේ සංවිධායකයෝ කියා ගත්ත පිරිසක් හෙන්රි කල්දේරා මෙන් වැස්සටත් කළු කන්නාඩි දාගෙන නිතර ඡායාරුප ලන්ඩන් සිංහල පත්තර සහ සමාජ වෙබ් අඩවි වල පල කර ගන්නවා. මේ නාටක දකින ලාංකිකයෝ මේවාට සහබාගි වීමට බලවත් හිරිකිතක් දක්වනවා. මේ කළු කන්නාඩි කාරයොන්ගෙන් සමහරෙක්ගේ පැටිකිරිය කවුරුත් දන්නවා (බ)
අලුතින් නිවාස හදනවා නම් අපේ රටටත් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබා දෙන්න. (නි)