රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව එරට විපක්ෂ කි‍්‍රයාකාරීහු දහස් ගණනක් මොස්කව් නුවර දැවැන්ත විරෝධතාවක ඊයේ(16) නිරත වූහ. රතු පැහැති සමාජවාදයේ සංකේත සහිත ධජ රැුගත් විරෝධකරුවන් අවධාරණය කර සිටියේ ‘සමානත්වය’, මනුෂ්‍යත්වයේ නාමයෙන් සමානත්වය රුසියා සමාජයට අවශ්‍ය බවයි. මීට අමතරව පීටර්ස්බර්ග් වැසියන් පිරිසක්ද විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ. පුටින්ට විරෝධය පළ කරමින් රුසියාවේ ඔතොඩොක්ස් පල්ලියකදී ගී ගැයූ පුසි රයට් සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් දෙවසරකට සිරගෙට යැවීමෙන් පසුව ඇරඹි දැවැන්තම විරෝධතාවය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජනපති පුටින්ගේ පාලනයට විරුද්ධ උද්ඝෝෂණ මේ වසර මුල සිටම මොස්කව් නුවරදී විපක්ෂ කි‍්‍රයාකාරීන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ජනපති පුටින්ට එරෙහිව රුසියාවේ ඇති වී තිබෙන විරෝධතා බටහිර මාධ්‍ය මඟින් අනවශ්‍ය ලෙස ඉස්මතු කර පෙන්වන බවත් එහි මූලික අරමුණ ජනපති පුටින්ගේ පාලනය පෙරළා දමා බටහිර රටවලට හිතවත් පාලනතන්ත‍්‍රයක් රුසියාවේ පිහිටුවීම බවත් විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.