ඇමෙරිකාවේ ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනපතිවරණයේදී ඩිමොක‍්‍රටික් පාක්ෂික වත්මන් ජනපති බැරැුක් ඔබාමාට අභියෝග කරමින්, ජයග‍්‍රහණය කිරීමට තම අපේක්ෂක මිට් රොම්නිට හැකිවනු ඇතැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පවසයි. ඇමෙරිකාවේ මෙසචුසෙට් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයකු වන රොම්නි, තම අපේක්ෂකයා ලෙස තෝරා ගත් බව රිපබ්ලිකන් පක්ෂය ප‍්‍රකාශ කළේ පෙරේදා (30) ය. රොම්නි ඇතුළු තවත් අපේක්ෂකයන් කිහිප දෙනකු අතර පසුගිය මාස කිහිපය පුරාවට ප‍්‍රාන්ත මට්ටමින් ජනමත විමසුම් පැවැත්වුණු ලැබූ අතර එයින් ඉදිරියට පැමිණීමට සමත් වූයේ රොම්නිය. ඒ අනුව නොවැම්බරයේ පැවැත්වෙන ජනපති සටනට ඉදිරිපත් වීමට රොම්නි අවස්ථාව උදාකර ගත්තේය. ජෝර්ජ් බුෂ් ජනපති ධුරයේ සිටිද්දී ඔහුගේ රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ කොන්ඩලීසා රයිස් ද රොම්නිගේ සහායට ඉදිරිපත් ව සිටින බව වාර්තා වේ.
1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd