ඊ මේල් පණිවුඩ යවමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට මරණ තර්ජන එල්ල කළ තරුණයකු ගිනි අවි ද සමඟ කිහිපයක් සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ නිලධාරීහු පෙරේදා (21) සමත් වූහ. ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක් වී එම ඊ මේල් පණිවුඩ පරීක්ෂා කර, ඒවා එවූ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූයේ තිස් එක් හැවිරිදි ඇන්ටන් කොලෝරී නමැති අයකු යැයි පොලිසිය පවසයි. කොලෝරී, වොෂින්ටන් නුවර නිවාස සංකීර්ණයක පදිංචිකරුවෙකි. ඔහු ගැන තොරතුරු ලැබුණු විගස ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඔහුගේ නවාතැනට කඩා වැදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂක නිලධාරීන් නවාතැනට කඩා වැදීමට පෙර දොරට තට්ටු කළ අවස්ථාවේදී කොලෝරී දොර අසලට පැමිණ ඇත්තේ ගිනි අවියක් ද අතැතිවය. එහෙත් දොර කඩාගෙන ඇතුළට කඩා වැදුණු පොලිස් නිලධාරීන්ට ඔහු නිරුපද්‍රිතව ග‍්‍රහණයට ගැනීමට හැකි වී ඇත. නවාතැන සෝදිසි කළ පොලිස් නිලධාරීන්ට ගිනි අවි කිහිපයක් හමුවූ අතර කොලෝරී, ගැන දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.
1
ක්‍රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු මනුස්සයෙක් වෙන්න ඇති. (නි)
හොද වැඩේ. (නි)