පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජය පාකිස්තානයෙන් කරන ඉල්ලීම ඉවත් කර ගන්නැයි තමන් ස්විට්සර්ලන්ත බලධාරීන්ට ලිපියක් මගින් දැනුම් දීමට සූදානම් යැයි පාකිස්තාන නව අගමැති රාජා පර්වේස් අෂ්රෝෆ් ඊයේ (18) එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී කියා සිටියේය.
රජයේ සහාය ඇතිව එම ලිපිය සකස් කරන බවත් එය කඩිනමින් ස්විට්සර්ලන්ත බලධාරීන්ට යැවීමට කටයුතු කරන බවත් අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
විනිසුරු අසීෆ් සහීඞ් කෝසා කියා සිටියේ ජනපති අසීෆ් අලී සර්දාරි සම්බන්ධ අර්බුදය කඩිනමින් විසඳා ගත යුතු බවය.
ස්විට්සර්ලන්ත බලධාරීන්ට යැවීමට සූදානම් එම ලිපිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළ අතර අධිකරණයේ කටයුතු ලබන 25 වැනිදාට කල් දැමුණි.
අගමැති අෂ්රෝෆ්ට පෙර එම ධුරයේ කටයුතු කළ රාසා ගිලානිට අගමැති ධුරය අහිමි වූයේ, ජනපති සර්දාරිට එරෙහිව ස්විට්සර්ලන්ත රජය කරන චෝදනා සම්බන්ධයෙන් නිහඬව සිටීම මගින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි යන චෝදනාවට වරදකරු වීමෙනි.
ජනපති සර්දාරි සම්බන්ධයෙන් හටගෙන ඇති එම අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දීමට අගමැති අෂ්රෝෆ්ට නොහැකි වුවහොත් ගිලානිට සිදුවූවාක් මෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවට වරදකරු වී අගමැති ධුරය අහිමි වනු ඇත.
2025 නොවැම්බර් මස 21
176
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජනපතිට එරෙහි චෝදනා ඉවත් කරගන්නැයි ස්විට්සර්ලන්ත බලධාරීන්ට ලිපියක් යවනවා