ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාගේ රජය වෙනුවෙන් චිකාගෝ ප‍්‍රාන්තයෙන් අරමුදල් රැුස් කරන්නෙකු ලෙස කටයුතු කළ හිටපු නිලධාරියකුට ඇමෙරිකාවේ උසාවියක් වසර 10 1/2 සිර දඬුවම් නියම කර ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තාකර සිටී. සිරියානු ජාතිකයකු වන ඇන්ටොයින් ”ටෝනි” රෙස්කෝ යන මෙම පුද්ගලයා (56) රජයේ මුදල් අයුතු ලෙස පරිහරණය කිරීම හා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් 2008 සිට චෝදනා ලැබ සිටියේය. ඇන්ටොයින්, ජනාධිපති ඔබාමාගේ 2008 මැතිවරණ ව්‍යාපාරයට බොහෝ සෙයින් සහයෝගය දුන් පුද්ගලයෙකි. ඔබාමා මහතා මැතිවරණයෙන් ජයගතහොත් මිලදී ගතයුතු නිවසක් පවා නිශ්චය කිරීමට තරම් ඇන්ටොයින් ඇමරිකානු ජනාධිපතිවරයාට සමීපවී සිටියේය. ඔබාමාට මුදල් සපයා දෙන්න යනුවෙන් විකට නාමයක් පට බැඳීමට තරම් රිපබ්ලිකන් ජාතික කමිටුව කටයුතු කළේ ඇන්ටොයින් ගේ වංචා සහගත ක‍්‍රියාකාරකම් ගැන එම කමිටුව දන්නා නිසා යැයිද ඇමෙරිකාවේ පුවත්පත් වාර්තා කර සිටියේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd