IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජනතාවගෙන් සමාව ඉල්ලා යේමන ජනාධිපති සාලේ ඇමෙරිකා යයි

ජනතා අප‍්‍රසාදයට පත් යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ රටේ පාලනය උප ජනපතිවරයාට පවරා පෙරේදා (22) ඇමෙරිකාව බලා පිටත්ව ගියේ වසර 33 ක් තිස්සේ ජනපති ධුරයේ සිටිද්දී තමා අතින් වරදක් සිදුවූයේ නම් ඒ ගැන යේමන ජනතාවගෙන් සමාව ඉල්ලන බවට විශේෂ ප‍්‍රකාශයක්දකරමිනි. ”දෙවියන්ගේ කැමැත්තට අනුව මා ඇමෙරිකා යනවා. මා යන්නේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහායි.  ඒ සඳහා ඇමෙරිකාවෙන් මට අවසර ලැබී තිබෙනවා. මා ආපසු එන්නේ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසුවයි. මාගේ පාලන කාලයේදී මා අතින් කිසියම් වරදක් හෝ අතපසුවීමක් හෝ සිදුවුණා නම් ඒ ගැන මා ඔබ සැමගෙන් සමාව ඉල්ලන්න කැමැතියි. යේමන වැසියන්ගෙන් මා සමාව ඉල්ලනවා” යැයි ජනාධිපති සාලේ ජාතිය අමතමින් කියා සිටියේය. යේමන ජනාධිපති සාලේට ඇමෙරිකාවට ඇතුළුවීමට තමන් වීසා ලබා දී ඇති බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ද පවසා ඇත. ඇමෙරිකාව බලා යෑමට පෙර ඔහු අසල්වැසි  ඕමානයේ දින දෙකක් රැුඳී සිටීමට නියමිත බව ද වාර්තා වේ. මේ අතර සියලූ දූෂණ වංචා චෝදනා සහ මිනිමැරුම්වලින් ජනාධිපති සාලේ නිදොස් කිරීමට එරට පාර්ලිමේන්තුව ගත් තීරණය යේමන ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී ඇත. යේමනයේ විරෝධතා හටගත් අවස්ථාවේ විරෝධතාකරුවන් දහස් ගණනින් අමු අමුවේ මරා දැම්මේ යැයි විරෝධතාකරුවෝ ජනාධිපති සාලේට එරෙහිව චෝදනා කරති. යේමනයේ ජනතා පිබිදීම ඇති වූයේ ද ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ආරම්භ වූ ‘අරාබි වසන්තය’ හරහාය. එහෙත් යේමන ජනාධිපති සාලේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල මිතුරෙක් විය. එම නිසා ගඩාෆිට සිදුවූවාක් මෙන් ධුරයෙන් ඉවත් වන්නැයි ඇමෙරිකාවෙන් හෝ බටහිර බලවතුන්ගෙන්  ජනාධිපති සාලේට බලපෑම් එල්ල නොවිණි. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ ගැටුම්වලදී ඇමෙරිකාවට යේමනයේ සහාය නොඅඩුව ලැබීම ඊට හේතුව විය. කෙසේ නමුත් ජනපති සාලේ රාජ්‍ය විරෝධීන් මර්දනයට හමුදාව යෙදවීමත්, විරෝධතාකරුවන් ඝාතනය වීමත්, විරෝධතාකරුවන් එරට ගෝති‍්‍රක සටන්කාමීන් සමඟ එක්වී රජයේ හමුදා සමඟ සටන් වැදීමත් ආදී කරුණු කාරණා හේතුකොට ගෙන යේමනයේ සිවිල් යුද තත්ත්වයක් හට ගැනුණි. එම අවස්ථාවේදී ඇමෙරිකාව කියා සිටියේ යේමන ජනපති සාලේ ජනතා හඬට කන් දී ධුරයෙන් ඉවත් විය යුතු බවය. එහෙත් ජනපති සාලේ එය ප‍්‍රතික්ෂේප කළේය. අසල්වැසි ගල්ෆ් රටවල බලපෑම් මත බලය බෙදා ගැනීමේ යෝජනාවලියකට එකඟ වී උප ජනපති අබ්ද් රාබූ මන්සූර් හාඞීට බලය පවරා බලයෙන් ඉවත්වීමට සාලේ මීට මාස කිහිපයකට පෙර අකමැත්තෙන් එකඟ වූයේය. ඇමෙරිකාවේ ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු තමා යළි යේමනයට පැමිණීමට සූදානමින් සිටින බවත් තමා පැමිණෙන්නේ යේමන ජනපති ලෙස නොව පාලක ජනතා කොංග‍්‍රස් පක්ෂයේ නායකයා ලෙස යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් හමුවෙමින් සාලේ පවසා ඇත. ජනාධිපති සාලේ ඇමෙරිකාව බලා පිටත්ව ගියේ උප ජනාධිපතිවරයා හමුදා ජනරාල්වරයකු ලෙස උසස් කරමින්ය. ඒ මිලියන 23 ක ජනගහනයකින් යුත් යේමනයේ හමුදාව ශක්තිමත්ව තබා ගැනීමේ අරමුණ ඇතිවය. සාලේට එරෙහි විරෝධතාකරුවෝ



අදහස් (0)

ජනතාවගෙන් සමාව ඉල්ලා යේමන ජනාධිපති සාලේ ඇමෙරිකා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 562 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site