ග්‍රීක ප්‍රහාරක ගුවන් යානයක් ස්පාඤ්ඤ ගුවන් පර්යන්තයකදී අනතුරකට පත්වීමෙන් දස දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය දස දෙනාගෙන් අටදෙනෙක් ම ප්‍රංශ ජාතිකයෝය.
ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ එෆ් - 16 නමැති ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. අල්බසෙටිහි ලොස්ලනෝස් ගුවන් පර්යන්තයේ දී මේ අනතුර සිදුවීම හේතුවෙන් එහි නවතා තිබූ ගුවන් යානා පහකට ද හානි සිදුව ඇතැයි ස්පාඤ්ඤ රජය පවසයි.
අනතුරට පත් යානය පැදවූ ග්‍රීක ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වැරදි ආකාරයෙන් ගුවන් යානය හැසිරවීමට යාමේ දි මෙම යානාව අනතුරට පත්වී ඇති බව ස්පාංඤඤ මාධ්‍ය වාර්තාවල දැක්වේ. අනතුරට පත් ගුවන් යානාවේ ගුවන් නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.


COMMENTS