තම මරණය ඡායාරූප ගතකළ ඡායාරූප ශිල්පියෙකු පිළිබද සංවේදී අවස්ථාවක් වාර්තා වන්නේ මිසර දේශයෙනි. ඊජීප්තු ඡායාරූප ශිල්පියෙකු වන ඔහු අහමඞ් සමීර් අසෙම් (26) නැමැත්තෙකි. අහමඞ් ඊජීප්තුවේ පුවත්පත් සමාගමක නිදහස් ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කරයි.
කයිරෝ නගරයෙහි බලයෙන් පහකරන ලද ජනාධිපති මොහොමඞ් මෝසී රදවා ගෙන සිටිතියි විශ්වාස කරන ජනරජ මුරකාය පිටත ගොඩනැගිල්ලක ඉහළ සිට ඔහු ඡායාරූප ගත කරමින් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව තිබේ. ගරිල්ලා සෙබලෙකු ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තබන දසුනක් ඔහුගේ කැමරාවෙහි සටහන් වී ඇති බව ස`දහන්ය.
උදෑසන 6ට පමණ මිනිසෙක් ලේ තැවරුණු කැමරාවකුත් රැුගෙන තම කාර්යාලයට පැමිණි බවත්, අපේ පුවත්පතේ කෙනෙක් වෙඩි පහරකින් තුවාල වී ඇති බව පැවසූ බවත් අහමඞ් සමීර්ගේ පුවත්පතේ කර්තෘ අහමඞ් අබූ පවසා තිබේ. පසුව ගොඩනැගිල්ලක් උඩ ඡුායාරූප ගිනිමින් සිටි අමඞ්ගේ නළලට සෙබලෙක් වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති පුවත ලැබුණු බව ඔහු පැවසීය. සම්පූර්ණ සිද්ධියම මුල සිට අහමඞ්ගේ කැමරාවෙහි සටහන් වී ඇති බවත් ඔහු ස`දහන් කළේය.
එදින ඊජිප්තු ආරක්‍ෂක සෙබළුන්ගේ වෙඩි තැබීමෙන් සාමාන්‍ය වැසියන් 51 ක්.මරුමුවට පත්වුහ ත‍්‍රස්තවාදීන් පිරිසක් පහර දීමට උත්සහ කිරීමේදී වෙඩි තැබීම ආරම්භ කළ බවට හමුදාව නිදහසට කරුණු ඉදිරිපත් කරයි.
එහෙත් සිවිල් යුද්ධයක් ඇති වීමට කටයුතු කරනු වෙනුවට මෙලෙස ලේ වැගිරීම් නවත්වන්න කටයුතු කිරීම සෙබළුනගේ යුතුකම බව ආගමික පූජකවරු පවසති
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරා ගනිව් .....(නදී)
යුද්ධය නැවතී සාමය උදා වේවා! (නි)
රාජකාරිය නිසා දිවිදුන් කෙනෙක්. එය දේවකාරියක් හැටියට සළකපු කෙනෙක් (නි)