චිලී රටේ වෙරළ තීරයක් දිගට කුරුල්ලන් 1,300 කට වැඩි ප්‍රමාණයක් හිටිහැටියේ මැරී වැටී සිටි බවත්, ඊට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් විද්‍යාඥයෝ පවසති.

චිලී යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. මෙම කුරුලූ මරණ සිදුවී ඇත්තේ ලෙන්ගා නමැති කුඩා ධීවර නගරයට නුදුරින් වෙරළ තීරයේය.

කුරුල්ලන් මැරී සිටිනු දැක නගර වැසියන් ඒ බව චිලී බලධාරීන්ට දැනුම් දුන් අවස්ථාවේදී, බලධාරීන් වෙරළ තීරය වසා දමා මැරුණු කුරුල්ලන් පරීක්ෂා කිරීමට පශූ වෛද්‍යවරුන් සහ කුරුල්ලන් පිළිබඳ විශේෂඥයන් පිරිසක් එවා ඇත.

මියගිය කුරුල්ලන් පරීක්ෂා කළ අවස්ථාවේදී උන් කුරුලූ උණ හෝ එවැනි වැනි කිසිදු රෝගී තත්ත්වයකට ගොදුරු වී නොසිටියේ යැයි පශු වෛද්‍යවරු පැවසූහ.

කුරුලූ මරණය අබිරහසක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  මීට පෙර 2010 වසරේ දී ද චිලී රාජ්‍යයේ වෙරළ තීරයක් දිගට මේ අයුරින්ම කුරුල්ලන් මැරී වැටී සිිටයේ යැයි චිලී බලධාරීහු පවසති.