නැගෙනහිර චීනයේ බසයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් කුඩා පාසල් දරුවන් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ෂින්හුවා පෙදෙසේ දී මේ අනතුර සිදුවන විට එම බසයේ පළමු ශ්‍රේණියේ සිසුන් 14 දෙනකු සිටි බව ද එම වාර්තාවල දැක්වේ.
චීනයේ පොලිසිය පෙන්වාදෙන්නේ පසුගිය කාලයේ දී චීනයේ ගම්බද පෙදෙස්වල අනතුරුවලින් දරුවන් විශාල සංඛ්‍යාවක් මිය ගිය බවයි. පසුගිය ජූලි මාසයේ බසයක් ජලාශයකට පෙරලිමෙන් 11 දෙනකු ද, අප්‍රේල් මාසයේ හයිනන් හි සිදුවූ බස් අනතුරකින් සිසුන් අට දෙනකු ද මියගියහ.
2011 දී අධික ලෙස සිසුන් පටවාගත් වෑන් රථයක් ඊසාන දිග චීනයේ දී ගල් අඟුරු පටවාගත් ට්‍රක් රථයක ගැටීමෙන් පෙර පාසැල් දරුවන් 18 දෙනෙක් මියගොස් තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් චීනය පුරා දැඩි ජනමතයක් ගොඩනැගීමේ ප්‍රතිඵලයක් ලෙස පාසැල් බස්රථ සේවයට වැඩි මුදල් ප්‍රමාණයක් යොදවන බවට ප්‍රතිඥා දීමට ද චින රජයට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd