සන්නද්ධ කණ්ඩායම් හෝ ආරක්ෂක අංශවලින් සමන්විත චීනයට අයත් කුඩා යාත්‍රා සිය ගණනක් දකුණු චීන මුහුද පුරා දක්නට ඇතැයි පිලිපීනය චෝදනා කරයි.
කුඩා කණ්ඩායම් ලෙස දකුණු චීන මුහුද පුරා විසිරී ඇති මෙම යාත්‍රා ඉවත් කරගන්නැයි ද පිලිපීනය චීනයට අවධාරණය කරයි.
‘විට්සුන්’ කොරල් පරය ඇති සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපය තුළට මෙම බෝට්ටු පැමිණ ඇතැයි ද එය තර්ජනයක් යැයි ද පිලිපීනය පෙන්වාදෙයි.
කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් කිහිපයක්ම චීනයේ මෙම ක්‍රියා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.
කෙසේ නමුත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
සැඩ මුහුදට හසු වූ බෝට්ටු මෙලෙස එම කලාපයට පිවිස ඇතැයි ද එම බෝට්ටු කිසිවක සන්නද්ධ අංශ හෝ චීන ආරක්ෂක අංශවල සාමාජිකයන් හෝ නැති බවත් චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු අවධාරණය කරති.
චීනයේ සමුද්‍රීය සන්නද්ධ කණ්ඩායම්වලින් සමන්විත බෝට්ටු සිය ගණනක් අනවසර සහ නීතිවිරෝධී ලෙස දකුණු චීන මුහුද වෙත පිවිස ඇතැයි ‘දකුණ චීන මුහුද සම්බන්ධයෙන් වන පිලිපීනයේ කාර්යසාධක බලකාය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙලෙස බෝට්ටු සිය ගණනක් පැමිණීම සිය රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් ඒවා කඩිනමින් ඉවත් කර ගත යුතු බවත් එම කාර්යසාධක බලකාය සිය නිවේදනය මගින් ඉල්ලීමක් ද කර ඇත.
මැනිලාහිදීය (රොයිටර්ස්)
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන බෝට්ටු සිය ගණනක් දකුණු චීන මුහුදට